Header Ads

විජේදාසගේ හිස්තැන පුරවන්නේ එන්නේ තලතලු?

නව අධිකරණ ඇමැතිවරයා ලෙස ඇමැතිනී තලතා අතුකෝරල පත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

තලතා අතුකෝරලට අධිකරණ ඇමැති ධුරය ලබා දෙනුයේ දැනට ඇය හොබවන විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ධුරයට අමතරව බවත් වැඩි දුරටත් වාර්තා වෙනවා.

කෙසේවෙතත් මේ පිළිබඳව අමාත්‍යවරියව නිල වශයෙන් දැනුවත් කර නැති බවත් සිදුවන්නේ කුමක්දැයි බලාසිටින බවත් කළ විමසීමකදී තලතා අතුකෝරල පාර්ශ්වයෙන් සඳහන් කළා.

මේ අතර කම්කරු රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරන රවීන්ද්‍ර සමරවීරට බුද්ධ ශාසන අමාත්‍ය ධුරය ලබා දෙනු ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසනවා.

මේ අතර අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ද නියමිත බව වැඩිදුරටත් වාර්තා වෙනවා.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.