Header Ads

උමා ඔය උමගේ ජල කාන්දුවට හේතුව නෝර්වේජියානු විශේෂඥයා හෙළි කරයි

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යපෘතියේ ප්‍රධාන උමගෙහි ඇති වූ ජල කාන්දුව සම්බන්ධයෙන් සොයා බැලීමට කැඳවූ නෝර්වේජියානු විශේෂඥයා සිය අතුරු වාර්තාව ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දී තිබේ.

වාර්තාව භාර දී ඇත්තේ, ජනාධිපති නිල නිවසේදී ය.

නිසි ශක්‍යතා අධ්‍යයනයකින් සහ පරිසර බලපෑම් අධ්‍යයනයකින් තොරව මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම හේතුවෙන් එහි ප්‍රධාන උමගෙහි ජලය කාන්දුවීම සහ අදාළ ප්‍රෙද්ශයේ භුගත ජලය සිදීයාම සිදුවී ඇති බව නොර්වේජියානු විශේෂඥ බෙන්ට් ඇගර්ට් මහතා සිය වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

උමගේ කැනීම් කටයුතුවලදී ඒ වටා ඇති බිත්තිවල විශේෂ සිමෙන්ති ආලේපකර ජලය කාන්දුවීම වැලැක්වීම පමණක් ප්‍රමාණවත් වී නොමැති බව ද ඔහු සිය වාර්තාවේ සඳහන් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

උමගේ ඉතිරි කිලෝමීටර් හතර හමාරේ , කැනීම් කටයුතුවලට පෙර වක්‍රාකාරව සිමෙන්ති ආලේප කළ හැකි යන්ත්‍ර භාවිත කළ යුතු බවත් , එහිදී දැනට භාවිත කරන සිමෙන්තිවලට වඩා ශක්තිමත් සිමෙන්ති වර්ගයක් , භාවිත කළ යුතු බවත් වාර්තාවේ නිර්දේශවල ඇතුළත් ය.

කැනීම් කටයුතු, ජනාවාස සහිත ප්‍රදේශවලට යටින් සිදුවන බැවින් මෙය අත්‍යවශ්‍ය බව ද නෝර්වේජියානු විශේෂඥවරයා සිය වාර්තාවෙන් අවධාරණය කරයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.