Header Ads

දිගින් දිගටම වර්ජන කළොත් දුම්රියත් පෞද්ගලීකරණයට

දුම්රිය සේවකයන් දිගින් දිගටම වර්ජන සිදු කළහොත්, දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලිකකරණය කිරීමට සිදුවන බවට ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා අනතුරු ඇඟවීමක් කරයි.

නව දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම්. අබේවික්‍රම සිය තනතුරේ වැඩ භාරගත් අවස්ථාවට සහභාගි වෙමින් ඇමැතිවරයා එසේ පැවසීය.

ගුණාත්මක දුම්රිය සේවයක් පවත්වාගෙන යෑම තම අපේක්ෂාව බව සඳහන් කළ ඇමැතිවරයා, ඒ සඳහා සියලුම වෘත්තීය සමිති නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට සහාය ලබාදිය යුතු බවද සඳහන් කළේය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.