Header Ads

ඔලිම්පික් ශූර උසෙන් බෝල්ට්ව තෙවෙනි තැන තබමින් අමෙරිකාවේ ජස්ටින් ගැට්ලින් ලොව වේගවත්ම ධාවකයා වෙයි.

2017 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100ය පිරිමි ධාවන ඉසව්වේදී ඔලිම්පික් ශූර උසෙන් බෝල්ට් පරාජය කිරීමට අමෙරිකාවේ ජස්ටින් ගැට්ලින් සමත් වී තිබේ.

මෙම තරගය පැවැත්වුණේ ශ‍්‍රී ලංකාවේ වේලාවෙන් අද (06) අලුයමයි.
ඒ, තත්පර 9.92ක දක්ෂතාවයක් දක්වමිනි.

එහිදී සිය ක්‍රීඩා දිවියේ අවසන් තරගය සඳහා ඉදිරිපත් වූ කෙටි දුර ධාවන ශූර උසෙන් බෝල්ට හිමි වූයේ තෙවන ස්ථානයයි.

ඔහු තත්පර 9.95ක දක්ෂතාවයක් දක්වමිනි.

පිළිවෙලින් තරගයේ දෙවන ස්ථානය දිනා ගැනීමට අමෙරිකාවේ ක්‍රිස්ටියන් කෝල්මන් සමත් වූ අතර ඔහුට ඒ සඳහා ගත වූ කාලය තත්පර 9.94 කි.

30හැවිරිදි උසෙන් බෝල්ට් 2008, 2012 සහ 2016 ඔලිම්පික් ක්‍රීඩා උළෙලවලදී මීටර් 100, මීටර් 200 සහ මීටර් 100 හතර සහය දිවිමේ ඉසව්වල අඛණ්ඩව රන් පදක්කම් 9ක් හිමිකර ගත් ලොව පළමු ක්‍රීඩකයා ද වේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.