Header Ads

මංගලගේ පෞ.ලේකම් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන ඇතැයි පළ වන වාර්තාව බොරුලු

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය , මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන ඇතැයි ඇතැම් අන්තර්ජාල මාධ්‍ය වල පලවී ඇති වාර්තා පදනම් විරහිත බව ,අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මාධ්‍ය ලේකම් අසිත රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ලේකම්වරයෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් , අසිත රාජපක්ෂ නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් ය.

– උපුටා ගැනීම –

අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීයෙකු හා එම නිලධාරියාගේ මිතුරන් තිදෙනකු පොලිස් විශේ ෂ බලකාය විසින් පෙරේදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිසියට භාරදීමේ සිද්ධිය පාදක කරගනිමින් අමාත්‍යවරයාට එරෙහිව ඇතැම් අන්තර්ජාල මාද්‍ය හරහා මඩ මෙහෙයුමක් ආරම්භ කර ඇති බැවින් සිද්ධියට අදාල කරුණු කෙටියෙන් පැහැදිලි කරමින් මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරමි.

අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධතා නිලධාරී සමීර මනහර මහතා පෙරේදා රාත්‍රියේ ඔහුගේ මිතුරන් තිදෙනෙකු සමග රාත්‍රි සාදයක් සදහා යමින් සිටියදී , පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් ගල්කිස්සේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා .

එසේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ , ඔහු ගමන් ගත් ජිප් රථය පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී එහි තිබී මත්ද්‍රව්‍ය , විදෙස් මත්පැන් බෝතල් 5ක් , දුම්වැටි කාටූනයක් සොයාගැනීම හේතුවෙනි.

එම ජිප් රථය එහි ගහමන් අයෙකු සතු වූවකි .

රථයේ සිටි අයෙකු එම මත්ද්‍රව්‍ය තමන්ගේ බව පිලිගෙන ඇති අතර අනතුරුව , විශේෂ කාර්ය බලකා නිලධාරීන් අදාල සැකකරුගේ නිවසට ගොස් තවත් විදෙස් මත්පැන් බෝතල් 16ක්ද දුම්වැටි කාටූන දෙක්ක්ද ප්‍රදර්ශන කඩුවක් හා නිවසේ භාවිතයට ගත් මන්නයක්ද සිය භාරයට ගෙන තිබෙනවා .

මෙම පිරිස ඊයේ උදෑසන ගල්කිස්ස පොලිසියට භාරදී ඇත .

අත්අඩංගුවට ගෙන සිටි සිව්දෙනා ඊයේ පස්වරුවේ ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ ගල්කිස්ස පොලිසිය මත්ද්‍රව්‍ය ලග තබාගත් පලමු සැකකරු හැර අනෙකුත් තිදෙනා ඊට සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී නැති බවත් , එම තිදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ පළමු සැකකරු ගමන් ගත් රථයේ සිටි නිසා බවත් බී වාර්තාවක් ගොනු කරමින් දන්වා සිටියා .

මහේස්ත්‍රාත්වරයා හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වූ ගල්කිස්ස පොලිසියේ පොලිස් පරීක්ෂකවරයා පළමු සැකකරු හැර අත්අඩංගුවට ගත් අනෙක් තිදෙනාට එරෙහිව මත්ද්‍රව්‍ය ලග තබාගැනීමේ හෝ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කිරීමට තරම් විමර්ශන වලදී සාක්ෂි අනාවරණ වී නොමැති බවත් ඒ අනුව ඔවුන් තිදෙනාට ඇප ලබාදීමට විරෝධතාවයක් නැති බවත් දන්වා සිටියා .

මෙම කරුණු සලකා බලමින් පළමු සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළ මහේස්ත්‍රාත්වරයා අත්අඩංගුවට ගෙන සිටි අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා සමීර මනහර මහතා ඇතුළු අනෙක් තිදෙනා ඇප මත මුදා හැරුණා .

ඒ අනුව අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයාට එරෙහිව ඇතැම් සමාජ මාධ්‍ය වලින් ප්‍රකාශ කරන ආකරයේ කිසිදු චෝදනාවක් නොමැති බව පැහැදලි වන්නේ යැයි අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් අසිත රාජපක්ෂ මහතා පවසනවා .

-උපුටා ගැනීම අවසන් –

අදාළ නිවේදනය පහතින්….



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.