Header Ads

අර්ජුනගේ සොයුරු ධම්මික රණතුංග යහපාලනයට මුවාවී ගහපු සුපිරි ගැහිලි එලියට

ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ කුප්‍රකට සහෝදරයෙකු වන ධම්මික රණතුංග ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යාංශයට අයත් ශී‍්‍ර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටොරේජ් ටර්මිනලස් ලිමිටඩි යන සමාගම් දෙකෙහිම සභාපතිත්වය දරන අතර ඔහු තම බලය යොදාගනිමින් මේ වන විට අතිදැවැන්ත දූෂණ-වංචා සිදුකරමින් සිටින බවට අනාවරණයවේ.

මීට ඉහත අධිකරණය අසලදී පවා මාධ්‍ය ඉදිරියේ ඉතා පහත් පෙළේ පාදඩ හැසිරීමක් පෙන්නුම් කළ කුප්‍රකට ධම්මික රණතුංග මේ වන විට ශී‍්‍ර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටොරේජ් ටර්මිනලස් ලිමිටඩි (CPSTL) යන සමාගම් තමාගේ මුදල් ඉල්ලම් සහ කාම සන්තර්පනාගාර බවට පත්කරගෙන ඇත.

මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් සමාගම් සේවකයින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු බලධාරීන්ට ලිඛිතව කරුණු ගෙන හැර දක්වා ඇත.

කුප්‍රකට ධම්මික රණතුංගගේ දූෂණ- අක්‍රමිකතා සහ ක්‍රියාකලාපය පිළිබඳ සම්පූර්ණ වාර්තාව පහතින්.

අතිගරු ජනාධිපතිතුමනි, ගරු අගමැතිතුමනි,

ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යාංශයට අයත් ශී‍්‍ර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටොරේජ් ටර්මිනලස් ලිමිටඩි (CPSTL) යන සමාගම් දෙකෙහිම සභාපතිත්වය අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ සහෝදරයකු වන දම්මික රණතූංග විසින් උසුලනු ලබයි. පළමුවෙන්ම කිව යුත්තේ මොහු ද්විත්ව පුරවැසියකු වන අතර ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස පත්වුවාට පසුව ද්විත්ව පුරවැසිභාවය ලබාගත් බවයි. මෙය බරපතල නීති විරෝධී කි‍්‍රයාවකි.

දම්මික රණතූංග සහ මොහුගේ මිත‍්‍ර කල්ලිය විසින් CPC සමාගමේ සභාපතිට අයත් නිවසේ ලී බඩු ඇතුළු අනෙකූත් ගෘහ භාණ්ඩ සියල්ල මොහුගේ සහෝදරයකුට අයත් නාවල පිහිටි නිවසකට මේවන විටත් හොර රහසේ රැුගෙන ගොස් ඇත. එමෙන්ම මෙම නිවසේ අලූත් වැඩියා කටයුතූ සඳහා CPC සමාගමට අයත් ඉංජිනේරු සහ පරිශ‍්‍ර අංශයේ සේවකයින් සේවයේ යොදවා ඇත. නමුත් වඩාත් භයානක තත්ත්වය වන්නේ CPSTL සමාගමෙහි සභාපතිවරයා ලෙස තම සහෝදරයාගේ නිවසට මාසික කුලිය ලෙස රුපියල් ලක්ෂ ගණනක් නියම කර ගනිමින් එම කුලී ගාස්තු ද සමාගමෙන් අයකර ගැනීමට පියවර ගැනීමයි. එපමණක් නොව නිල නිවාසවලට තව තවත් බඩු භාන්ඩ සදහා ඇස්තමේන්තු සකස් කරන ලෙසට නිළධාරින්ට උපදෙස් ලබා දෙයි.

එමෙන්ම CPSTL සමාගමට අමතරව CPC ආයතනයෙන් නිවසක් වෙනුවෙන් වෙනම ම කුලී ගාස්තූවක් වෙන්කර ගැනීමට ද කි‍්‍රයාකර ඇති අතර මෙමගින් තම නිල නිවස කුළියට දීමේ සුදානමක් ද පවති. මෙම නිල නිවෙස් වලට ලක්ෂ ගණනින් වියදම් කර විවිධ බඩු භාන්ඩ ගැනිමට ද සුදානම් වන මොහු ඒ සදහා CPC ඉංජිනේරු සහ පරිශ‍්‍ර අංශයට සහ CPC ලේකම් කාර්යාලයේ නිලධාරීන්ටත් CPC සමාගමේ නිලධාරීන්ටත් බලපැම් කරයි. මෙම සතියේ මුල CPSTL සමාගමේ සියඵම නිලධාරීන් ගෙන්වා බැණ වැදුණ මොහු නාවල පිහිටි තම සහෝදරයාගේ නිවසට පිඩලි ඇල්ලීම සදහා CPSTL සමාගමේ සේවකයින් ද රූපවාහිනී යන්ත‍්‍රයක් කප්පම් ලෙස තවත් ව්‍යාපාරිකයකු ගෙන් ද ලබා ගත්තේ ය. මීට අමතරව දම්මික රණතුංග ඔහුගේ පුත‍්‍රයාගේ විවාහ මංගල්‍යය සදහා මෙම සමාගම්වල සම්පත් අයථා අන්දමින් භාවිතා කරන අතර මෙම සමාගම් දෙකෙහි මුදල් වල අයථා භාවිතය අපි රජයේ විගණන අංශය ද දැනුවත් කර ඇත. මොහුගේ සහ රණතුංග පවුලේ මුදල් වලට ඇති කෑදරකම නිසා මෙසේ සිදුවිමට යන විනාශය වැලැක්විමට ඔබතුමන්ලාට තවමත් හැකියාවක් පවතින බව අපගේ විශ්වාස යයි. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ පවුල් පාලනට විරුද්ධ වු ඔබතුමන්ලා රණතුංගලාගේ පවුල් පාලනය වෙනුවෙන් ගනු ලබන ක‍්‍රියාමාර්ග පිළිබදව අපි නොඉවසිල්ලෙන් බලා සිටින්නෙමු.

එමෙන්ම දැනට වඩාත් විනිවිධ භාවයෙන් පවත්වා ගෙන යනු ලබන තෙල් ආනයනය කිරීමේ කි‍්‍රයාදාමයට මොහු අනවශ්‍ය ලෙස බලපෑම් කරමින් සිටී. මේ සඳහා CPC හි වාණිජ අංශයේ ඉහළ කළමනාකරණයට ද කළමනාකරණ අධ්‍යක්ෂකට මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයාට ද නිරන්තරයෙන් බලපෑම් එල්ල කරන බව දන්වන්නේ ඉතා කණගාටුවෙනි. එමෙන්ම ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් උසි ගන්වා වර්තමාන ආණ්ඩුවට එරෙහිව කි‍්‍රයාකරන ලෙසට ආයතනයන්ගේ ඉහළ නිළධාරින්ට ප‍්‍රකාශ කරන මොහු ආණ්ඩුවේ සියළුම සංවර්ධන වැඩසටහන් වලට බාධා කරමින් ප‍්‍රසිද්ධියේම ඒකාබද්ධ විපක්ෂයේ න්‍යාය පත‍්‍රය කි‍්‍රයාත්මක කිරීමට ද උත්සාහ දරයි. වෘත්තිය සමිති උසි ගැන්වුවා පමණක් නොව ඔබතුමා සමග ගරු අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා සුදානම් කල සාකච්ඡුා බිද දැමීමට ද මොහු උත්සාහ කල අතර ඔබතුමාගේ දුරදක්නා නුවණ නිසා එය මග හැරී ගියේය.

තවද ශී‍්‍ර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ කළමණාකාරීත්වයට උපදෙස් දීමට මෙම පුද්ගලයාට කිසිදු සුදුසුකමක් නොමැති අතර රාති‍්‍ර කාලයේ දී වැඩ කරමින් ආයතනය ගොඩ ගන්නවාය යන මතය පැතිරවීමේ නිශ්ඵල උත්සාහයක මොහු නිරත වේ. මේ සදහා තම සේවා වැඩ මුරය අවසන් කල පසුව ද උසස් නිලධාරීන් බලහත්කාරයෙන් ආයතනය තුළ රදවා ගන්නා මොහු සෙනසුරාදා මෙන්ම ඉරිදා දිනයන්හිදි ද එක්කෝ කාර්යාලයට නැත්නම් දුරකථනයට හෝ ගෙන්වා ගනි. සිය අරමුණ ඉටුකර ගැනීමට හැකි වන ලෙස කීකරු නොවන සේවකයින් හට පරුෂ වචනයෙන් බැන වදිමින් වර්තමානයේ හිට්ලර්ගේ පාලනයක් මොහු විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටොරේජ් ටර්මිනලස් ලිමිටඩි සමාගම්වල ගෙන යයි. මෑතක සිට මොහුගේ බිරිද හරහා ද සේවකයින් අපහසුතාවයකට ලක්කරන මොහු රජයේ වාහන අවභාවිතා කරන්නේ රජයේ පිළිගත් ක‍්‍රමවේදයන් අමු අමුවේ උල්ලංගණය කරමිනි. මේ හා සමාන කි‍්‍රයාකරකම් රැුසක් වරායේ සභාපති ලෙස සිටිමින් ද සිදු කර ඇති බව වාරායෙන් ලැබෙන ආරංච් වලින් ද තහවුරු වේ. හම්බන්තොට වරායේ සේවකයින් උසි ගැන්වීමේ තිරය පිටුපස සිටියේත් ඛනිජ තෙල් වෘත්තීය සමිති හම්බන්තොට වරාය ගිවිසුමට විරුද්ධව උසිගන් වනු ලැබුයේත් මේ දම්මික රණතූංග යන ඇමරිකානු ජාතිකයා බව රටේම ජනතාව දැනගත යුතු වේ. ඒ පිළිබදව ඔබතුමා දැනුවත් කරන්නේ ඉතාම සංවේගයෙනි.

දැඩි මුදල් පිපාසයකින් පෙළෙන මොහු තම කාර්යාලය තුළ නිකරුනේ කාලය කා දමමින් ව්‍යාපාරිකයින් ගෙන්වා ඔවුන්ද බිය වද්දමින් ඔවුන්ගෙන් කප්පම් මුදල් ලබා ගැනීමට පුරුදු වී සිටී. ආයතන දෙකටම ව්‍යාපාරිකයිින් ගෙන්වා ගන්නා මොහු ඇතැම් ව්‍යාපාරිකයිින් රාත‍්‍රියට ද ගෙන්වා ගන්නා අතර ආයතනයේ කාන්තා සේවිකාවන් තම සේවා වැඩ මුරය අවසන් කල පසුව සේවයේ තබා ගනිමින් තම කාම අශාවන් ඉටුකර ගැනිමට ද උත්සාහ දරයි.
කලක් ශී‍්‍ර ලංකා වරාය ඇධිකාරියේ සභාපති ලෙස කි‍්‍රයාකරමින් ඊට අනුබද්ධිත සියලූ සමාගම් වලද සභාපතිධූරය දරමින් මුදල් ගසා කෑමේ නිරත වුණි. විශේෂයෙන් රාජ්‍ය ආයතන වල උසස් නිළධාරන් විසින් වැටුප් සහ දීමනාවන් ලබාගත යුතු ආකාරය දැක්වෙන චක‍්‍ර ලේඛණයන්ද උල්ලංගනය කරමින් රජයේ මුදල් නාස්ති කල බවත් සෑම ආයතනයකින්ම මාසිකව මුදල් ලබාගත් බවත් වරාය සේවකයින් අපට පවසා ඇත. මෙම ක‍්‍රියාදාමයම අනුගමනය කරමින් ක්‍ඡුීඔඛ ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය නොමග යවමින් වැටුප් මට්ටම් ඉහළ නංවා ගැනීමට ඉදිරිපත් කල අධ්‍යක්ෂ මංඩල පති‍්‍රකාව අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයින්ගේ විරෝධතා නිසා වළක්වා ගැනීමට හැකි වී ඇත. එහෙත් දැන් වාර්තා වන්නේ ඒ වෙනුවට ඉන්දීය ජාතිකයින්ගෙන් කප්පම් ඉල්ලා ඇති බවයි. මුදල් ලබා දෙන්නේනම් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමට තමන් සුදානම් බව මෑතකදී ඉන්දිය සමාගමේ නියෝජිකයාට ප‍්‍රකාශ කල බව අපට දැනගන්නට ලැබී ඇත.

ශී‍්‍ර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අදාළ අනුමත වී ඇති සියලූම ව්‍යාපෘති අවලංගු කරමින් ඒවා නිසි ටෙන්ඩර් පටිපාටියෙන් ද බැහැරව යමින් තම හිතවතූන්ට ලබාදීමට ද මොහු උත්සාහ දරමින් සිටී. ඒ සදහා නිලධාරීන් ප‍්‍රසිද්ධියේ බිය ගන්වමින් ඔවුන් හරහා වාර්ථා ලබා ගැනීමේ සුදානමක් ද පවතී. ආරක්‍ෂක උපදේශකයකු ලෙසට විශ‍්‍රාම ගිය පොලිස් නිලධාරියෙක් (දැනට මොහු හම්බන්තොට වරායේ සාමාන්‍යාධිකාරි ලෙස සේවය කරයි) බදවා ගැනිමට කි‍්‍රයාකරන ලෙසට ආයතනයන්ගේ මානව සම්පත් නිලධාරීන් ගෙන්වා බැණ වැදි උපදෙස් ලබාදුන්නේ ය. තම පවුලේ ඥාතින්ට සහ හිතවතුන්ට රැුකියා අවස්ථා ලබා දෙනවා පමණක් නොව ඔවුන් හරහා ආයතන දෙකම තම පාලනයට ගැනිමට කි‍්‍රයාකරයි. මේ හරහා පත්විමක් ලබාගත් අජිත් ගුණසේකර නැමැත්තා ආයතනය තුළ මත්පැන් මෙන්ම සිගරට් බොමින් ආයතන සතු ප‍්‍රාදේශීය පිහිටා ඇති බංගලාවලට ගොස් සේවක මහතුන්ට පරුෂ වචනයෙන් බැණ වදී. මෙම කාර්යය සදහා මාසිකව රුපියල් 75000ක මුදලක් ද මොහු ලබා ගනියි.

ස්ටාර් මැරයින් සමාගමේ ප‍්‍රධානියා මොහුට කප්පම් ගෙවන්නෙකු වන අතර ඔවුගේ කොම්පැනියට බංකරින් ඔයිල් පහසුකම් ලබාදීමට උත්සාහ කරන්නේ ක්‍ඡුීඔඛ ආයතනය විසින් ඒ සදහා සුදානම් වන විටය. නමුත් මොහු දේශනා කරන්නේ රාජ්‍ය ආයතන වර්තමාන ආණ්ඩුවෙන් අරක්‍ෂා කරගත යුතු බවටයි. අතිගරු ජනාධිපතිතුමණි, ගරු අගමැතිතුමණි, රාජ්‍ය ආයතන ආරක්‍ෂා කරගත යුතු වන්නේ මෙවැනි හොරුන්ගෙන් සහ කිසිදු සුදුසුකමක් නොමැති මෙවැනි පුද්ගලයන්ගෙන් නොවේ ද ?

තම ඇමරිකානු හිතවත් සමාගමක් ලගදි කැදවා ඔවුන්ට නීති ආධාර ලබාදෙන ලෙසට ඉල්ලා සිටිමින් මෙරටේ ධනය සුරාකෑමට ද අරඅදිමින් සිටි. එමෙන්ම නීතියට පටහැනිව යමින් ආයතන දෙක සතු නිල නිවාස සහ ආයතන සතු වාහන තම සහචරයන්ට ලබාදෙයි. මෙපමණක් නොව ඉදිරියේදී උපදේශකයකු ලෙස බදවා ගන්නා විදේශිකයකුට සංස්ථාව සතු නිල නිවසක් ලබාදීමට සුදානම් වේ. ඉංග‍්‍රීසි භාෂාවවත් හරියට නොදන්නා නිතිඥවරයෙකු අධ්‍යක්ෂ මංඩල ලේකම් ලෙසට පත්කර ඇත. මේ සියල්ලම අර්ජුන ඇමතිවරයා දැනගෙනම සිදුවන අතර ඕනැම දෙයක් තමාගේ නමට හානියක් නොකර කර ගන්නා ලෙසට ඔහුට උපදෙස්දී ඇති බව කියන මෙම සභාපතිවරයා සමහර කරුණු ඇමතිතුමා සමග සාකච්ඡුා කලහොත් සේවයෙන් නෙරපා දමන බවට සහ එසේ නොකරන විට ස්ථාන මාරුවිම් කරන බවටත් තර්ජනය කරයි. දැනටමත් මෙම සේවක දඩයම ආරම්භ කර ඇත. ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ද මෙවැනිම කි‍්‍රයාකාරකම් මොහු විසින් සිදුකරන ලදි.

එබැවින් මෙම ලිපිය ලැබෙන අතිගරු ජානාධිපතිතුමා සහ ගරු අගමැතිතුමා ඇතුඵ ඔබතුමන්ලා සියඵ දෙනාගෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබදව කරුණු සොයාබලා ඉදිරි කි‍්‍රයාමාර්ග ගන්නා ලෙසටයි. සමාජය ඉදරියේ සුදු චරිත රඟපාන මොවුන්ගේ කි‍්‍රයාමාර්ග පිළිබදව සැළකිලිමත් වන ලෙසටයි. මෙහි ඇති කරුණු චෝදනා ලෙස නොසලකා සිදුවන සහ සිදුවිමට යන විනාශයෙන් මෙම ආයතන බේරාදෙන ලෙසටයි. දැනටමත් සිදුකර ඇති අක‍්‍රම්කතා විභාගකර අවශ්‍ය පිළියම් සහ දඩුවම් ලබාදෙන ලෙසයි. මෙවැන්නන් නිසා අතිගරු ජනාධිපති තුමා, ගරු අගමැතිතුමා සහ අප සියළු දෙනා පැතූ යහපාලනයට කුමක් වන්නේදැයි නැවත වරක් සිතා බලනමෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

-මීට අගතියට පත් සේවක පිරිස්-

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.