Header Ads

රවි ගත්තු ලොතරැයි යළි මංගලට

ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය නැවත මුදල් අමාත්‍යාංශය යටතට පත් කර ඇත.

මුදල් අමාත්‍යාංශය යටතේ පැවැති ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය රවි කරුණානායක විදේශ කටයුතු ඇමැතිවරයා ලෙස පත්වීමෙන් පසු ඔහු යටතට පත්කර මේ වන තෙක් පවත්වාගෙන යනු ලැබීය.

විදේශ කටයුතු ඇමැති ධුරයෙන් රවි කරුණානායක ඇමැතිවරයා ඉල්ලා අස්වීමෙන් පසු, විදේශ කටයුතු ඇමැතිවරයා ලෙස තිලක් මාරපන පත්කිරීමෙන් පසු විෂය වෙන් කිරීමේදී, ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍යාංශය යටතට ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබ ඇත.

ඒ සම්බන්ධව අති විශේෂ ගැසට් නිවේදනය 17දා ප්‍රකාශයට පත්කර ඇත.

1963 අංක 11 දරන මුදල් පනතේ 23 වැනි වගන්තිය යටතේ ලොතරැයි මණ්ඩලය අයත් විය යුත්තේ මුදල් අමාත්‍යාංශයට බැවින්, එම මණ්ඩල විදේශ අමාත්‍යාංශයට පැවැරීම නීති විරෝධී බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති අතර, එය විභාගයට ගැනීමට නියමිතය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.