Header Ads

ලොව කැළඹූ ලංකාවේ “වොන්ඩර් වුමන්”

පසුගිය දිනක කොළඹ දී පැවති චිත්‍රපට චරිත අනුකරණය කරමින් ඒ ඒ චරිතයට අනුකූල ඇදුම් වලින් සැරසි පැමිණිය යුතු සාදයක ජායාරූප සමාජජාල වෙත නිකුත්වීමත් සමඟ ඒ පිළිබඳව බොහො දෙනෙකු උපහාසයෙන් අදහස් දක්වා තිබුණා.

ආදායම් වාර්තා තබමින් ලොවපුරා විකාශය වූ “වොන්ඩර් වුමන්” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය අනුකරණය කල ශ්‍රී ලාංකීක යුවතියගේ ජායාරූපය ඒ අතර බොහෝ දුරට කතාබහට ලක්විය.

කෙසේ වෙතත් ඇයගේ සහ යෙහෙළියගේ ජායාරූපය ටුවිටර් මාධ්‍යජාලයේ පළ කර තිබෙනු දුටු ” වොන්ඩර් වුමන්” චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය වන patty jenkins එම ටුවිටර් පණිවිඩය මත සටහනක් තබමින් ඇය ඉතා සුන්දරව සැරසී සිටින බව දක්වා තිබේ.

ඇදුම් පැළදුම් සහ ඇගේ හැඩය මත තරුණ යුවතියන් අපහසුතාවයට පත් කිරීම ශ්‍රී ලාංකීක්යින්ගේ ජානගත පුරුද්දක්. නමුත් ලෝකයේම අවධානය දිනාගත් චිත්‍රපට අධ්‍යක්ෂවරියකට එම ඇදුම් සහ එය ඇද සිටින තරුණිය ආඩම්බරයට කරුණක්.

ශ්‍රී ලාංකීකයින් බහුතරයක් එම තරුණියගේ ඇදුම් පැළදුම් පිළිබදව හාස‍යයෙන් යුතුව කතා කලද මේ වනවිට ලෝකය පුරා ඇගේ ජායාරූපය වේගයෙන් සංසරණය වෙමින් තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.