Header Ads

" ආසියාවේ හොදම බොඩි බිල්ඩර් , Mr Asia කිරුළ ලංකාවේ අපේ පුෂ්පරාජ් දිනා ගත් හැටි .!

මේ දිනවල දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානූ කා‍ය වර්ධන ශූරතාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූ ලුෂියන් පුෂ්පරාජ් තරගාවලියේ සමස්ත ශුරතාවය නොහොත් Mr Asia කිරුළ දිනා ගැනීමට සමත් වුනා.

51 වන වරට පැවති ආසියානූ කා‍ය වර්ධන ශූරතාවලියේ ශ්‍රී ලාංකිකයෙක් ශූරතාවය දිනා ගනු ලැබුවේ ප්‍රථම වරට වීම විශේෂත්වයකි.

සමස්ත ශූරතාවයට අමතරව කිලෝ ග්‍රෑම් 100 බර පන්තියේද ජයග්‍රහණය ලුෂියන් විසින් දිනා ගනු ලැබුවා.
එම බර පන්තියේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් සිංගප්පුරූව සහ ටජිකිස්ථාන ක්‍රිඩකයන් අතරේ බෙදි ගියා.

රටවල් 26කින් එක්වූ 350කට වැඩි කාය වර්ධන ක්‍රීඩකයන් මෙම තරගාවලියට එක්වූ අතර මෙම තරගාවලිය ආසියාවේ විශාලතම කාය වර්ධන ශුරතාවලියද වනවා.

ලුෂි‍යන් ලක් මවට ආඩම්භරයක් ගෙනා මොහොතේ ඡායාරූප පහතින්






No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.