Header Ads

තරුණ ජීවීත 150ක් බිළි ගත්- අන්තර්ජාලය හරහා සිය දිවි නසා ගැනීමට පොළඹවන - නින්දිත ඔන්ලයින් බ්ලූ වේල් ක්‍රීඩාව- ලොව පුරා වසංගතයක් වෙයි

ලොව පු‍රා පැතිර වසංගතයක් සේ පැතිර යන අන්තර්ජාල ක්‍රීඩාවක් ලොව පුරා විවිධ රටවලින් තරුණ ජීවීත 150ක් බිළි ගත් අවාසනාවන්ත සිදුවීමක් අන්තර්ජාතික මාධ්‍යයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත.

මෙම ක්‍රීඩාවේ නම Blue whale , සමහරවිට ඔබ දැනටමත් මේ පිළිබදව අසා තිබෙන්නට හැකිය. මෙය අන්තර්ජාලයේ සමාජජාලා වෙබ් අඩවියේ ඔන්ලයින් ක්‍රීඩාවකි.

මෙම නින්දිත ක්‍රීඩාවේ උපත සිදුවන්නේ 2013 වසරේ රුසියාවේ 'Vkontakte' ( රුසියාවේ ෆේස්බුක් වලට වඩා Vkontakte සමාජ වෙබ් අඩවිය ජනප්‍රියය.. ලොව දෙවැනියට වැඩිම පරිශීලකයන් ගණනක් සිටින සමාජ වෙබ් ජාලාව මෙයයි.) යන සමාජ ජාලා වෙබ් අඩවි රහස් ගෲපයක් ලෙස ක්‍රියාත්මක වුනු 'F57' කියන මාරක ගෲපය හරහා.

මේක download කරන්න පුලුවන් game එකක්වත් application එකක්වත් software එකක්වත් නෙමෙයි .. රහස් ගෲප මඟින් සමාජ ජාලා වෙබ් අඩවි තුළට ඇතුල් වෙන මෙය Als Ice bucket challenge , Harlem shake වැනි සමාජ වෙබ් අඩවි සංසිද්ධියක් වැනිය...

තවමත් 22 වියෙහි පසුවන Philipp Budeikin නම් මනෝ විද්‍යාව හදාරන සිය විශ්ව විද්‍යාලයෙන් නෙරපන ලද ශිෂ්‍යයෙකු විසින් සාදන ලද මෙම මාරක online සෙල්ලම මේ වනවිට ලොව පුරා මරණ 150කට පමණ දායක වී ඇත.

මෙම ක්‍රීඩාවෙදි එක් එක් තරඟකරුවාට නිරීක්ශකයෙක් ලබා දෙන අතර විවිධ දිනයන්හි සම්පූර්ණ කළ යුතු රාජකාරි 50ක් පවරයි.. ඒවා නිරීක්ෂණය කිරීමට ඔන්ලයින් නිරීක්ශකයෙක් සිටින අතර සෑම පවරන ලද කාර්‍යයක් අවසානයේම ඒවා කළ බවට තහවුරු කළ හැකි ඡායාරූපයක් upload කිරීම කළ යුතුය.. මුලින්ම ඉතා සරළ පහසු කාර්‍යයන් වලින් පටන් ගන්නා මෙම මාරක සෙල්ලම ටිකින් ටික අභියෝගාත්මක වෙයි.. මුලින්ම හොල්මන් චිත්‍රපටයක් නැරඹීම, අවෙලාවන්හි අවදි වීම වැනි ක්‍රියාකාරකම් වලින් ඇරඹි ඉන් පසුව පාළමක් උඩ ඔලුවෙන් හිට ගැනීම, ඉටි කටුවක් උඩ කෙලින් තබා ඒ මත හිට ගැනීම වැනි ක්‍රියාකාරකම් ඔස්සෙ තමන්ටම හිංසා කරගැනීම, තමන්ගේම ලේ සොලවා ගැනීම දක්වා දිවෙන මෙම ඔන්ලයින් සෙල්ලමේ අවසාන, එනම් 50 වන අභියෝගය වන්නෙ සිය දිවි හානි කරගැනීමේ අභියෝගයයි..

අභියෝග වලට කැමැති නව යොවුන් වියෙහි කොල්ලන් සහ කෙල්ලන් අභියෝග 49ක් ජයගෙන සිටින මානසික මට්ටමක ටිකෙන් ටික තමාව මරණය කරා ගෙනයන Blue whale නිරීක්ශකයාට අවනත වීම සිදු වෙයි..

රුසියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වුන මේ මාරක සෙල්ලම නිසා 2016 වසරේදි එහි නිර්මාණකරු ලෙස සලකන Philipp Budeikin ව අත්ඩංගුවට ගත් අවස්ථාවේ ඔහු කියා සිටියේ ඔහු කරන්නෙ සමාජ සත්කාරයක් බවයි.. ඔහු පවසන අන්දමට ඔහු ජීව විද්‍යාත්මකව සමාජයට වැඩක් නැති ජීවින්ව ලොවින් තුරන් කර ලොව වැඩක් ඇති තැනක් කිරීමට උත්සාහ කරන බව පවසා තිබුණි.. මෙම අලුත් මාරකය නිසා රුසියාවේ නව නීති පවා සම්පාදනය වුනු අතර වර්තමානය වන විට මෙහි අලුත්ම ගොදුරු රට වී ඇත්තේ අප අසල්වැසි ඉන්දියාවයි.. ඉන්දියාවේ තැනින් තැන වාර්තා වෙන සිය දිවි නසා ගැනීම් සීඝ්‍ර වශයෙන් වැඩි වෙමින් තිබෙන අතර ඒවාගෙන් වැඩි පිරිසක් යෞවනයන් වන අතර ඔවුන් පරිඝනකයට ඇබ්බැහි වී සිටි සමාජ ආශ්‍රය ඉතාම අඩු පිරිස් බවට පසු අනාවරණ වලින් සොයා ගත්තත් පැහැදිලි කාරණාවක් සොයාගත නොහැකි විය..

පහුගිය සතියේ බදාදා තමිල්නාඩුවේ 19 හැවිරිදි 'vignesh' නම් තරුණයා සිය මදුරෙයි නිවසේ සිවිලිමේ එල්ලි ගෙල වැළලාගෙන මිය ගොස් සිටි අතර ඔහුගෙ මේසය මත තිබී පොඩි ලියුම් කැබැල්ලක් සොයා ගන්නා ලදී.. එහි සදහන්ව තිබුණේ

" You can enter it. But you can not exit the game" 

යනුවෙනි.. ඔහුගෙ එක් අතක නිල් තල්මහෙකුගෙ රුවක් කොටා තිබූ අතර ඔහු මාරක Blue whale ඔන්ලයින් ක්‍රීඩාවේ අවසන් අදියරේ සිටි අයෙකු බවට ඉන්දීය තොරතුරු තාක්ශණ ආයතනය පවසයි..

ඉන්දීය බුද්ධි අංශ මෙන්ම තොරතුරු තාක්ශන විශේෂඥයන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් මේ වනවිට යොමු කර ඇති අතර රජය විසින් සියලු ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල සැකසුම් කරුවන් වන google, facebook, whatsapp, instagram, yahoo, microsoft ආදීන්ට මේ මාරක සෙල්ලමට අදාළ විය හැකි ඕනෑම ලින්කුවක් අවහිර වන ආකාරයට සිය සැකසුම් වල ආරක්ශිත බව තහවුරු කරගන්නා ලෙස දැනුම් දී තිබේ..

මෙහි අවදානම කොතෙකුද යත් මෙය Clash of clan ඔන්ලයින් ක්‍රීඩාවට වඩා ඇබ්බැහිකර විය හැකි බවත් නිර්මාණශීලි සහ සිත් ලගන්නා සුලු ආකාරයේ ඉදිරිපත් කිරීමක් සමඟින් නව යෞවනයන්ගෙ අභියෝග භාර ගැනීමට ඇති කැමැත්ත ඉළක්ක කොටම සකසා ඇති ක්‍රීඩාවක් නිසා මෙයින් සිදු විය හැකි හානිය ඉතා ප්‍රබල බවට රුසියානු මනෝ විශේෂඥයන් අනතුරු ඇඟවීම් කරමින් මේ සම්බන්ධයෙන් විග්‍රහ කොට තිබේ.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.