Header Ads

සිවු වසරකට පෙර සිදුවුවත් අදටත් අභිරහක්ව පවතින එලිසාගේ මරණයේ අභිරහස් කතාව හා වීඩියෝව මෙන්න


සිවු වසරකට පෙර සිදුවුවත් අදටත් අභිරහක්ව පවතින එලිසාගේ මරණයේ අභිරහස් කතාව හා වීඩියෝව මෙන්න

බි‍්‍රටිෂ් කොලොම්බියා විශ්වවිලයේ අධ්‍යාපනය ලබමින් සිටි 22 හැවිරිදි කැනේඩියානු ජාතික එලයිසාට කොපමණ මිතුරු මිතුරියන් සිටිය ද ඇය හිටිහැටියේ අතුරුදන් වූයේ මහා දවාලේ පුදුමාකාර ආකාරයටය. ඒ ඇයත් ඇගේ මිතුරු මිතුරියන් පිරිසකුත් විශ්වවිද්‍යාලයේ චාරිකාවක් සඳහා පැමිණ ලැගුම් ගත් ලොස් ඇන්ජලිස් නගරයේ සෙසිල් හෝටලයේදීය.

2013 වසරේ ජනවාරි 31 වනදා උදෑසන මිතුරු පිරිස සමග ලොස් ඇන්ජලිස් නගරයේ වීදි ඔස්සේ සංචාරය කරමින් සිටි එලයිසා දහවල් ආහාරය සඳහා නැවතත් හෝටලයට පැමිණියේද ඔවුන් සමගය. සිය ජංගම දුරකථනයට සවිකර ගැනීම සඳහා අමතර බැටරිය ගෙන ඒමට ඇය නවාතැන් ගෙන සිටි උඩුමහලේ පිහිටි කාමරය වෙත එලයිසා පැමිණියේ ඇගේ මිතුරු පිරිස හෝටලයේ දිවා ආහාර ගනිමින් ඉන්නා අතරේදීය. කිසිවකු විසින් එලයිසා දැක තිබූ අවසාන අවස්ථාව වූයේද එයයි.

බැටරිය ගෙනඑන්නට කාමරය වෙත ගිය ඇය නැවත පැමිණියේ නැත. මිතුරන් ඇය එනතුරු අඩ පැයක් පමණ බලා සිටියද ඇය ආවේ නැත. ගමන් මහන්සිය නිසා නින්ද යන්නට ඇතැයි සිතූ ඇගේ මිතුරියක එලයිසාගේ කාමරයට ගියද එලයිසා එම කාමරයට ගිය බවට කිසිදු සාක්ෂියක් එහි නොතිබිණි.

මන්දයත් ඇය රැගෙන එන්නට ගිය දුරකථන අමතර බැටරිය පවා ඇගේ ඇඳ මත ඒ වනවිටත් තිබුණු බැවිනි. ඉන්පසු එලයිසාගේ අතුරුදන්වීම ගැන හෝටල් කළමනාකාරීත්වයට දැනුම් දුන් මිතුරන් හෝටලයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ඇයව සොයන්නට විය. අවසානයේ පහළ මාලයේ සිට ඉහළට එන්නට තිබූ විදුලිසෝපානවල සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂාවට ලක්කෙරිණි. එහිදී ඔවුන්ට එලයිසාව දැකගත හැකිවිය. නමුත් ඒ අසාමාන්‍ය ආකාරයකටය.

එලයිසා විදුලිසෝපානයට ඇතුළු වනවිට එහි කිසිවකුත් සිට නැත. ඇය ඊට ඇතුළුවී දොර වසන්නට බොත්තම එබුවද එය වැසුණේද නැත. යම්කිසි පිරිසක් විදුලිසෝපානයට ඇතුළු වනවිට දොර ඇරෙන වැසෙන ආකාරයට දොර එහා මෙහා ගියද එය තුළට කිසිවෙකුත් ඇතුළු වෙන බවක් කැමරාවේ සටහන්ව තිබුණේද නැත. එහි සිටියේ එලයිසා පමණි. මේ ආකාරයට ඇය තමන්ට යා යුතු හතරවන මහලේ බොත්තම තදකරන ආකාරයද එහි සටහන්ව තිබිණි.

ඒත් දොර වැසුණේ නැත. ඉන්පසු ඇය සෝපානයෙන් පිටතට පැමිණ කොරිඩෝව දෙස බලන අයුරුද කවුරුන් හෝ සමග කතාකරන අයුරුද දකින්නට තිබිණි. ඉන්පසු ඇය කතා කළ පුද්ගලයා සිටි දෙසට ගමන් කළ අතර විදුලි සෝපානයේ දොර වැසී එය ඉහළට යන්නට පටන්ගත්තේ කිසිවකුත් ඒ තුළ නොමැතිවය. සෝපානය සෑම මහලක් අසලදීම නතරවී දොර විවෘත වුවද කිසිවෙකුත් ඒ තුළට නැගුණේ නැත. නමුත් එය සෑම මහලක් අසලම නතර වූයේ කවුරුන් හෝ සෝපානයෙන් පිටවන්නට සංඥා කර තිබූ ආකාරයකිනි.

කෙසේ වුවද ඉන් අනතුරුව එලයිසා ගැන කිසිදු තොරතුරක් නොලැබුණු අතර ලොස් ඇන්ජලීස්හි පොලීසිය ඇය ගැන තොරතුරු ලබා දෙන ලෙස පවසමින් මෙම සිදුවීම ප‍්‍රසිද්ධියට පත්කරන ලදී. ඉන්ද වැඩක් වූයේ නැත. මෙම සිදුවීමෙන් සති දෙකකට පමණ පසු හෝටලයට ජලය සපයන නල මාර්ගවලින් ගලා ගිය ජලයේ යම්කිසි දුර්ගන්ධයක් ඇති බව හෝටල් සේවකයන්ට දැනිණි. මේ නිසා ජල ටැංකිය සුද්ධ පවිත‍්‍ර කළ යුතු බවට තීරණය විය. 2013 වසරේ පෙබරවාරි 19 වැනිදා ජල ටැංකිය සුද්ධ පවිත‍්‍ර කිරීම සඳහා එයට නැගුණු සේවකයන්ට දකින්නට ලැබුණේ ඒ වනවිටත් නරක්වී දියවී ගිය මළ සිරුරකි. එය එලයිසාගේ බව තහවුරු කරගන්නට වැඩි වේලාවක් ගතවූයේ නැත.

සිරුර පිටතට ගෙන මරණ පරීක්ෂණයට යැවීමෙන් අනතුරුව වාර්තාවූයේ ඇය මියයාමට හේතුව ජල ටැංකිය තුළ ගිලීම බවය. හෝටලයේ ඉහළම මහලේ අඩි 20ක් පමණ ඉහළට කණු හතරක් ඉදිකර නිමවා ඇති ජල ටැංකිය වෙත ළං වීම වයස අවුරුදු 22ක සියුමැලි තරුණියකට පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා ඉනිමගක් අවශ්‍ය අතර ජල නල කාර්මිකයන් පවා එයට නගින්නේ ඉනිමගේ ආධාරයෙනි. මේ නිසා එලයිසා තනිව එයට නැගුණේ යැයි කිසිසේත්ම සිතිය හැකි නොවේ. එසේනම් කවුරුන් හෝ බලෙන් ඇයව ඒ වෙත රැගෙන යන්නට ඇත.

නමුත් ජීවිතයේ පළමු වතාවට ලොස් ඇන්ජලීස් වෙත ගිය ඇයට එහි හතුරන් සිටී යැයි සිතිය නොහැකිය. එසේම ඇය නවාතැන් ගෙන සිටි කාමරය වෙත යන මොහොතේ ඇගේ මිතුරු මිතුරියන් සියලූ දෙනා දිවා ආහාරය ගනිමින් සිටි බවට සාක්ෂි තිබේ. එනම් මෙය ඇගේ මිතුරෙකු විසින් කළ දෙයක් බවට පවතින මතයද බැහැර කළ හැකිය. මේ නිසා පොලීසියේ පරීක්ෂණ යොමුවූයේ හෝටලයේ නවාතැන් ගෙන සිටි අය වෙත සහ හෝටල් කාර්යමණ්ඩලය වෙතය. නමුත් ඒ කිසිම ආකාරයකින් එලයිසාගේ මරණයට වගකිව යුත්තේ කවුද යන බව තහවුරු වූයේ නැත.

ඇය විදුලිසෝපානය අසල සිටියදී කිසියම් කෙනෙකු ඇය සමග කතා කළ බවට කැමරාවල සටහන් වුවද ඒ කවුද යන්න සොයාගන්නට හැකිවූයේද නැත. කොරිඩෝවේ සවිකර ඇති සියලූම කැමරාවල සටහන්ව තිබුණේ ඇගේ රුව පමණි. මෙම සිදුවීම්වලින් පසුව පුවත්පත් මගින් සෙසිල් හෝටලයේ කළමනාකාරීත්වයට දැඩිලෙස චෝදනා එල්ල කිරීම නිසා මාස හතරක් පමණ ගතවනවිට එහි නවාතැන් ගන්නට පැමිණි සංචාරක පිරිස සියයට 90කින් පමණ අඩුවී තිබිණි. ඒ කෙසේ වුවද අද වනතුරුත් එලයිසා ජල ටැංකිය තුළ ගිලී මියගියේ කෙසේද යන්න හෝ සෙසිල් හෝටලයේ කොරිඩෝව අසලදී ඇය කතාකරමින් සිටියේ කවුද යන්න සොයාගන්නට ලැබී නැත.

එම සිදුවීමට සම්බන්ද cctv දර්ශන පහතින් නරබන්න


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.