Header Ads

දිවයිනට නිරිත දෙසින් පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වෙයි


බේරගල ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීමෙන් බදුල්ල -කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වෙයි. 

ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, නුවරඑළිය, බදුල්ල, මොණරාගල, මාතලේ, යන දිස්ත්‍රික්කවලට නාය යාමේ අවදානම් නිවේදනයක් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

දිවයිනට නිරිත දෙසින් පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී කොළඹ සිට කිලෝමීටර් 200ක් පමණ බස්නාහිර දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ය.

සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 – 70 පමණ විය හැකි ය.

දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි හා තද සුළං තත්ත්වයන් මෙන් ම රළු මුහුදු ප්‍රදේශ තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 90 – 100දක්වා වැඩි විය හැකි බව ය.

මේ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාවට විමසිලිමත් වන්නැයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.