Header Ads

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව සංවිධායකවරු 20 ක් පත් කරයි


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සංවිධායකවරුන් 20 දෙනෙකු පත් කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ගම්පොළ නගර සභාවේ හිටපු නගරාධිපති සරත් ගාමිණි හෙට්ටිආරච්චි මහතා  (02) පෙරවරුවේ ජනාධිපති නල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වය ලබා ගත් අතර එතුමා මහනුවර දිස්ත්‍රිකයේ සංවිධායකවරයා ලෙසද පත්කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා තවත් සංවිධායකවරුන් 19 දෙනෙකු ද අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා අතින්  පත්වීම් ලිපි ලබාගෙන තිබේ.

ඒ අනුව නුවරඑළිය, මහනුවර, ගම්පහ, කොළඹ, ගාල්ල, අනුරාධපුර, රත්නපුර, පුත්තලම, දිගාමඩුල්ල, මඩකළපුව යන දිස්ත්‍රික්ක සඳහා මෙම නව ආසන සංවිධායකවරු පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.