Header Ads

ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය: සැකකරුවන් රිමාන්ඩ්


ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධානාගරගත කෙරිණි.

ඒ, අද පස්වරුවේ ඔවුන් මහව අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මේ අතරින් සැකකරුවන් පස් දෙනෙකු සියඹලාව, මොරගොල්ලාගම ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැනිණි.

ඒ, නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කළ මෙහෙයුමකදී ය.

ඔවුන් අවුරුදු 20, 38, 26 සහ 43 යන වයස්වල පසුවන සියඹලාව මොරගොල්ලාගම ප්‍රදේශයේම පදිංචිකරුවන් ය.

එහිදී ඔවුන් සතුව තිබී ඇත් දළ කැපීමට යොදාගන්නා කියත්, ගිනි අවියක් සහ ඇත් දළ කොටස් කිහිපයක් ද සොයා ගැනිණි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.