Header Ads

තෙක්කම අමුණ - මන්නාරම දිස්ත්‍රික්කය.

මැදවච්චිය සිට මන්නාරම පාරේ කිලෝමීටර් 47 ක් පමණ ගියවිට දකුණට ඇති අප්‍රසිද්ධ මාර්ගයක් ඇත. 

එය බොහෝ විට කාගෙන් හෝ අසා දැනගත යුතුය. මන්නාරම පාරේ සිට කිලෝමීටර් එකහමාරක් පමණ ගියවිට ඇළපාර උඩින් වැටුනු කුඩා පාළමක් ඇත . මෙහි වාහන යාමට නොහැකිය . පාළමෙන් එගොඩ වෙලා මීටර් 100 ක් පමණ ගියවිට තෙක්කම අමුණ දැකගත හැක . මෙම ප්‍රදේශයේ වර්ශාව අඩු බැවින් විශාල වැවක් සෑදීමේ අවශ්‍යතාව මත . ධාතුසේන රජතුමන් විසින් මන්ගුණු වැව නොහොත් යෝධ වැව නිර්මාණය කරන ලදී. මේ වැවට වතුර ගෙන යාමට මල්වතු ඔයෙහි මෙම තෙක්කම අමුණ බැද එම වතුර සැතපුම් 24 ක් ඔස්සේ යෝධ වැවට ගෙනෙයි. 

යෝධ වැවේ වතුරින් අක්කර 14000 දහයක් වගාකර තිබේ . මේ ප්‍රදේශයට සහල් නැලිය යැයි කියනු ලැබේ . මේ අමුණ තනි කළුගල් කුට්ටි වලින් නිමකර ඇති අතර උස අඩි 12 ක්‍ හා දිග අඩි 640 ක් පළල අඩි 90 ක් පමණ වේ. මෙම ගල් බැම්මේ විශාල ගල් දොරටු තුනක් නිර්මාණය කර තිබේ . 

පැරැන්ණෝ පවසන ආකාරයට මෙය නිර්මාණය කර ඇත්තේ පැරණි යක්ෂ ගෝත්‍රිකයන්ගේ අමුණු නිර්මාන තාක්ෂණය උපයෝගි කරගෙනය . ධාතුසේන රජුන් මෙය නිර්මාණය කලත් මෙයට තෙක්කම අමුණ යන නම භාවිතා කොට ඇත්තේ දෙවන උදය රජතුමාගේ කාළයේය. 


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.