Header Ads

ස්ත්‍රීපුර ලෙන් විහාරය. - කෑගල්ල දිස්ත්‍රික්කය


නෙළුම්දෙනිය රුවන්වැල්ල පාරේ ගොස් තුංතොටින් වමට ඇති පාරේ කිලෝමීටර් 4 ක් පමණ ගියකළ ස්ත්‍රීපුර ලෙන් විහාරයට ලඟාවිය හැක.

කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ අරන්දර මංසන්ධියෙන් හැරී දැදිගම මාර්ගය ඔස්සේ හෝ කොළඹ නුවර මාර්ගයේ නම් 45 සැතැපුම් කණුව අසල ගලිගමුව නගරයෙන් දකුණට දිවෙන අරන්දර හරහා අවිස්සාවේල්ල මාර්ගයේ කි.මීටර් 6 ක් පමණ ගිය තැන හමුවන පිටගල්දෙනිය මංසන්දියෙන් හැරී හොළොම්බුව මංසන්ධියෙන් පිටදෙණිය දැදිගම මාර්ගය ඔස්සේ සැතැපුම් 1/2ක් පමණ ගමන් කලවිට මෙම සුන්දර ස්ථානයට සමීප විය හැකි ය. ක්‍රමවත්ව සාදා නිමකර ඇති පියගැට පෙළ ඔස්සේ ඉතා උස් ස්ථානයක ගොඩවූ විට වටේට කඳු සහිත පරිසරය පැහැදිලිව දැක ගත හැකි අතර, උස්බිමේ වූ කඳු ගැටයක් ආශ්‍රයේ එයිතිහාසික ගල්ලෙන් රජමහා විහාර මන්දිරය ගොඩ නැගී තිබෙයි.

වළගම්බා රජු (ක්‍රි.පූ. 103) තම සේනා සංවිධානය කරමින් යන අතරතුරේ මෙම ස්ථානය තාවකාලික වාසස්ථානයක් ලෙසත්, තම පුරස්ත්‍රීන් සගවා තබාගත් ස්ථානයක් ලෙසත් භාවිතා කර ඇත. එහෙයින් මෙම ස්ථානය ස්ත්‍රී පුර ලෙසින් ප්‍රකට වී තිබේ. එකල පුරස්ත්‍රීන් දිය ස්නානය කල බව සැළකෙන දිය පොකුණක් මෙහි දැකිය හැකියි. එමෙන්ම සතුරන් හා සටන් වැදීමට රජු තම සේනා සංවිධානය කිරීම සදහා ඊට නුදුරින් පිහිටි යටහලෙන වෙත ගොස් නැවත පුරස්ත්‍රීන් සිටි තැනට සැපත්වීමට තැනු උමං මාර්ගයක්ද මෙම ලෙන තුල දක්නට ලැබේ. එසේම රජු මෙම ස්ථානයේ සිට දුණු ශිල්ප ප්‍රගුණ කල බවද කියැවේ.
ස්වභාවධර්මයේ සුන්දරත්වය ප්‍රියකරන ඔබට නිශ්කලංක පරිසරයක පිහිටි හොළොම්බුව ස්ත්‍රී පුර ගල් ලෙන් විහාරය සිත් සතන් ඇඳ බැඳ ගැනීමට සමත් වෙනවා නිසැකයි








No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.