Header Ads

හෙලිකොප්ටර් අනතුරකින් සිම්බාබ්වේ විපක්ෂ නායකයෙකු මරුට


සිම්බාබ්වේ විපක්ෂ නායකයෙකු වන රෝයි බෙනට් හෙලිකොප්ටර් යානා අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකා එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝ ප්‍රදේශයේදී විපක්ෂ නායකවරයා ගමන් ගත් පෞද්ගලික හෙලිකොප්ටර් යානය ඊයේ අනතුරට ලක් වීමේන් ඔහු මිය ගොස් ඇති බව ය.

යානය අනතුරට ලක් වන විට ඔහුගේ බිරිඳ ඇතුළු 4 දෙනෙකු යානයේ සිට ඇති අතර ඔවුන් සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව නිව් මෙක්සිකෝ පොලීසිය පවසයි.

සිම්බාබ්වේ විපක්ෂ නායකයෙකු ලෙස ප්‍රබල භූමිකාවක නිරත වූ රෝයි බෙනට්, සිම්බාබ්වේ හිටපු ජනපති රොබට් මුගාබේගේ පාලනය තුළ වසර ගණනාවක් සිරගතව සිටියේ ය.

සිම්බාබ්වේ රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් විශාල කාර්ය භාරයක් සිදු කළ නායකයෙකු ලෙස ඔහු එරට දේශපාලන ඉතිහාසයේ වාර්තා අතරට එක්වේ.

මිය යන විට රෝයි බෙනට් 60 වන වියේ පසුවිය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.