Header Ads

19 දෙනෙකුට තුවාල සිදුකරමින් දියතලාවේදි පිපිරුනු බස් බෝම්බයේ ඇත්ත කතාව (Photo )


යුධ හමුදා සහ නාවික හමුදා සොල්දාදුවන් රැගත් බස් රථයක අද උදෑසන ඇති වූ පිපිරීමක් සම්බන්ධව දැකි කතාබහක් ඇතිවී තිබෙනවා. දියතලාව මාර්ගයේ කහගොල්ල ප්‍රදේශයේදී අද (21 ) අළුයම මෙම පිපිරීම ඇති වී තිබෙනවා.

මෙම පිපිරීමෙන් බස් රථයට දැඩි හානි සිදුවී ගිනිගෙන තිබෙන අතර තුවාල ලැබූ බස් රථයේ ගමන් කල 19 දෙනා  රෝහල් ගතකර තිබෙනවා.

යාපනයේ සිට අළුයම බණ්ඩාරවෙලට පැමින ඇති පුද්ගලික බස් රථය දියතලාව වෙත යන ඔවුන්ගේම වෙනත් බස් රථයකට මාරිකර තිබෙනවා. පිපිරීම සිදුව ඇත්තේ එම දෙවන බස් රථයේදියි.

මෙම බස් රථයේ යාපනයේ සිට යුධ හමුදා පිරිසක් පැමින ඇති බවත්, ඔවුන්ගෙන් කෙනෙකු සතු වූ අත් බෝම්බයක් පිපිරී මෙම විනාශය සිදුවන්නට ඇති බවත් මේ වනවිට විශ්වාස කරනවා.


හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, ඒ අතර හමුදා සාමාජිකයින් 12 දෙනෙකු වන බව ය. යුද හමුදා සාමාජිකයින් 7 දෙනෙක් සහ ගුවන් හමුදා සාමාජිකයින් 5 දෙනෙක් ඒ අතර සිටිති.සිද්ධියෙන් සිවිල් වැසියන් 7 දෙනෙකු ද තුවාල ලබා ඇති අතර කාන්තාවක ද ඒ අතර වන බව හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, හමුදා සාමාජිකයින් දෙදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බව ය. ඔවුහු මේ වන විට දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබති.එම පිපිරීම ත්‍රස්ත ක්‍රියාවක් නොවන බව ඔහු අවධාරණය කළේ ය.

මෙම පුවත යාළුවන් අතර බෙදාගන්න.


අදාල සිදුවීම සඉරස නිව්ස් ෆස්ට් විකාශය කල ආකාරය පහතින්



කහගොල්ලේදී බස් රථයක සිදුවූ පිපිරීම ත්‍රස්ත ක්‍රියාවක් නොවේ – හමුදා ප්‍රකාශක
කහගොල්ලේදී බස් රථයක සිදුවූ පිපිරීම ත්‍රස්ත ක්‍රියාවක් නොවේ – හමුදා ප්‍රකාශක Read More: https://goo.gl/upiu1W #lka #Bandarawela #Kahagolla #Bus #Fire #News1st
Posted by Newsfirst.lk on Tuesday, 20 February 2018

අපවෙත ලැබී තිබෙන ඡායාරූප පහතින්
මෙම පුවත යාළුවන් අතර බෙදාගන්න.














මෙම පුවත යාළුවන් අතර බෙදාගන්න.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.