Header Ads

ප්‍රසන්නගේ කුමුදුණී නිසා කැලණියේ පොහොට්ටුව දෙදරයි.

හිටපු සභාපතිනියක වූ ශාන්ති කුමුදුනි යන අය නැවත කැළණිය ප්‍රාදේශිය සභාවේ සභාපතිනිය ලෙස  පත් කිරීමට තීරණය කිරීම හේතුවෙන් පොහොට්ටුවේ මන්ත්‍රීන් අතර කැළබීමක් සිදුව ඇතැයි වාර්ථා වේ.

මීට පෙරද කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිනිය ලෙස කටයුතු කර ඇති ශාන්ති කුමුදුනි එවරද එම ධූරයට පත්ව ඇත්තේ කැළණිය නිදහස් පක්ෂ සංවිධායක හා කැළණිය පාර්ලිමේන්තු මන්ත්‍රී ජිනදාස නන්දසේන මහතාගේ කිට්ටු හිතවත්කම මත බව වාර්ථා වේ.

එම අවස්ථාවේ වැඩිම මනාප ලබා ගත් රෙහෙන්සිරි වරාගොඩ මහතාට සභාපතිකම නොදී ජිනදාස නන්දසේන මහතාගේ මැදිහත්වීම මත ඇයට සභාපතිකම ලබා දී තිබේ.

එය එසේ වුවද ශ්‍රිලනිප පාක්ෂිකයන් සදහන් කරන්නේ ඇගේ අසාර්ථක පාලනය හේතුවෙන් ඊට පසුව පැවති පළාත් පාලන මැතිවරනයෙන් එජාපය එම ප්‍රාදේශීය සභාවේ බලය පිහිට වූ බවයි. 

මේ වන විට කුමුදුනි සභාපතිනිය ලෙස පත් කිරීමට සම්පූර්න සහය ලබා දී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර බවට චෝදනා එල්ල වී තිබේ.

මෙවර කැළණිය ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ තම නම හෙළි කිරීමට අකමැති වු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු කියා සිටියේ රණවිර මහතා සිය ව්‍යාපාරික කටයුතු කර ගැනීම උදෙසා ඔහුට හිතවත් කුමුදුනීව සභාපතිනිය බවට පත කර ගැනීමට උත්සහ කරන බවයි.

පසුගිය කාලයේ කැළණිය ප්‍රාදේශීය සභාවේ ගල් අල්ලන ලද  මාර්ග ව්‍යාපෘතිවලට අදාල ගල් , ගල් කුඩු මෙන්ම ශ්‍රමයද සපයනු ලැබුවේ රණවීර මහතාට අයත් ආයතනවලින් බවද මේ වන විට ඒම කටයුතු නවතා දමා ඇති බැවින් ඒවා නැවත ක්‍රියාත්මක කර ගැනීමට ඔහුට හිතවත් මෙම මන්ත්‍රිනිය පත් කර ගැනීමට උත්සහ කරන බවයි ඔහු කියා සිටින්නේ. 

Sri Lanka Mirror

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.