Header Ads

පාසල් දැරියක අපයෝජනය කල විදුහල්පතිට යාපනය මහ අධිකරණ විනිසුරු දුන් දඬුවම

නව හැවිරිදි පාසල් දැරියක අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියකට වරදකරු වූ යාපනයේ විදුහල්පතිවරයෙකුට යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් විසින් ඊයේ (21) බරපතල වැඩ සහිත දසවසරක සිරදඬුවම්   නියම කකළා.

අදාල සිරදඩුවමට අමතරව අගතියට පත් දැරිය හට රුපියල් දස ලක්ෂයක වන්දියක් සහ රුපියල් පන්දහසක දඩයක්ද නියම කළ අතර අධිකරණයට අදාල වන්දි මුදල සහ දඩ මුදල නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිත තවත් දෙවසරක සිරදඬුවමක් සහ මාසයක සිරදඬුවමක්ද යාපනය මහාධිකරණ විනිසුරු විසින් නියෝග කොට සිටියා.

යාපනය නාරන්තනෙයි ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ නව හැවිරිදි දැරියක් පාසලේ විදුහල්පතිවරයා විසින් 2009 නොවැම්බර් 1 වනදා සිට 2010 දෙසැම්බර් 26 තෙක් කාල සීමාව තුළ අවස්ථා කිහිපයකදීම අපයෝජනය කළේ යැයි කියන සිද්ධියට සම්බන්ධව කයිට්ස් දිසා අධිකරණයේදී සිදු වූ මූලික නඩු විභාගයේදී ඇප මත මුදා හැර තිබූ අතර පසුව නීතිපති වරයාගේ උපදෙස් මත එම නඩුව යාපනය මහාධිකරණය මාරුකොට වසරක පමණ කාලයක් බඩුව විභාග වීමෙන් පසුව භෞතික හා විද්යාවනුකූලව සියලු සාක්ෂි වලින් විදුහල්පති වරයා වරදකරු වන බවට ඔප්පුවීමෙන් පසුව  අදාල නඩුවේ තීන්දුව ලබාදෙමින් යාපනය මහාධිකරණ විනිසුරුවරයා මෙම දඬුවම නියම කළා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.