Header Ads

බැඳුම්කර විවාදය අද

මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතළ වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද පෙරවරු 10.30 සිට සවස 4.00 දක්වා පැවැත්වේ.

අද විවාදයෙන් අනතුරුව පෙබරවාරි 21 සහ 22 යන දිනයන්හිදී ද යළි මෙම ජනාධිපති කොමිෂන් සභා වාර්තා පිළිබඳ විවාදය පැවැත්වීමට තීරණය කර තිබේ.

බරපතළ වංචා දූෂණ පිළිබඳ වාර්තා 34 කට අදාළ පිටු 7000 ක් පමණ වන ලිපි ගොනු CD තැටිවලට ඇතුළත් කර අද දිනයේ මන්ත්‍රීවරුන් වෙත ලබා දෙනු ඇති.

මේ අතර විවාදය කෙරෙහි පුළුල් ජනතා අවධානයක් යොමුවු ඇති බැවින් ඉතා වගකීමකින් යුක්තව විවාදයට සහභාගී වන ලෙස කථානායකවරයා සියලු පාර්ශවන්ගෙන් ඉල්ලා සිටී.

පසුගිය කාලයේ පාර්ලිමේන්තුව තුළ දක්නට ලද අප්‍රසන්න අවස්ථාවන් නිර්මාණයවීමට යළි ඉඩ නොතබන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවද කථානායකවයා මෙහිදී සඳහන් කළ බව කථානායක මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.