Header Ads

අයවැයෙන් වැඩිපුර ලැබූ ආදායම ජනතාවට බෙදාදෙන්න සිංගප්පූරු රජය තීරණය කරයි.

ලෝකයටම ආදර්ශයක් වෙමින් සිංගප්පූරු රජය විසින් 2017 වසරේ සිය අය වැය අතිරික්කතය, ජනතාව වෙත  ප්‍රසාද දීමනාවක් ලෙසින් බෙදා දීමට තීරනය කර තිබෙනවා.

රටේ සංවර්ධන ඵලදායිතාවය සියලු රට වැසියන් හා බෙදා ගන්නා බව 2018 අය වැය ඉදිරිපත් කරමින් ඒරට මුදල් ඇමතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව වයස අවුරුදු 21 හි පසුවන්නන් සහ එම වයස් සීමාවෙන් ඉහළ සෑම පුද්ගලයෙකුටම මෙම ප්‍රසාද දීමනාව හිමිවනු ඇති.

පසුගිය වසරේ සිංගප්පුරු රජයේ අය වැය අතිරික්තය ඇමරිකානු ඩොලර් බිලියන 7.6 ක් විය.ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 533 ක මුදලක් ප්‍රසාද දීමනාවක් ලෙස ජනතාව අතර බෙදා දීමට නියමිතයි.

ඒ අනුව සිංගප්පූරු වැසියන් මිලියන් 2.7 කට මෙම ප්‍රසාද දීමනාව හිමිවනු ඇති බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ.

ඒ අනුව වාර්ෂික ආදායම සිංගප්පූර් ඩොලර් 28,000 ට අඩු පුද්ගලයන් හට ඩොලර් 300 ක මුදලක් රජයේ ප්‍රසාද දීමනාවක් ලෙස හිමිවනවා.

වාර්ෂික ආදායම සිංගප්පූර් ඩොලර් 28,001 සිට 100,000 දක්වා වන පුද්ගලයෙකුට හිමිවන ප්‍රසාද දීමනාව සිංගප්පූර් ඩොලර් 200 ක්.

වාර්ෂික ආදායම සිංගප්පූර් ඩොලර් ලක්ෂය ඉක්මවන කෙනෙකුට සිංගප්පූර් ඩොලර් 100 ක් රජයේ ප්‍රසාද දීමනාව ලෙස හිමි වනු ලැබේ. 

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.