Header Ads

තඹුත්තේගම කැළඹූ ජල ව්‍යාපෘතිය තාවකාලිව අත්හිටුවයි !

රාජාංගණය ජලාශයේ ජලය භාවිත කරමින් චීන සමාගමක මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත නව පානීය ජල ව්‍යාපෘතිය සාකච්ඡාවකින් අනතුරුව...තාවකාලිකව අත්හිටුවා තිබේ.

යෝජිත ජල ව්‍යාපෘතිය හේතුවෙන් තම ගොවිබිම්වලට ජලය හිඟවන නිසා යෝජිත ජල ව්‍යාපෘතිය වහාම අත්හිටුවන ලෙස පළාතේ බලධාරීන්ට බල කරමින් රාජාංගණය ගොවි ජනපදයේ ගොවි ගෙවිලියන් 3,000කට ආසන්න පිරිසක් පෙරේදා (28දා) උදෑසන තඹුත්තේගම මූලස්ථාන පොලිසිය ආසන්නයේ පැවැත්වූ දැවැන්ත විරෝධතාව සැලකිල්ලට ගනිමින් දිසාපතිවරයා මෙම තීරණය ගෙන තිබේ.

මෙහිදී 59 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර තඹුත්තේගම මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසුව 57 දෙනෙකු මේ මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජල සම්පත් මණ්ඩලය විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකර එම යෝජනාව කැබිනට් අනුමැතියට යොමුකර අනුමැතිය ලබාගෙන තිබියදී පැවැත්වූ විරෝධතාවත් සමඟ අදාළ ආයතන හා සාකච්ඡා කර ගොවීන් දැනුවත් කිරීම සඳහා ව්‍යාපෘතිය තාවකාලිකව නැවැත්වූ බව ඒ මහතා පැවැසුවේය. 

එය ආරම්භ කිරීම යෝජනාවක් පමණක් බවත් කිසිදු මුදලක් ඒ සඳහා තවම යොදවා නැති බවත් දිසාපතිවරයා පැවැසුවේය.

මේ සම්බන්ධයෙන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අනුරාධපුර දිස්ත්‍රික් කළමනාකාර පී.එස්. ලොකුබරණ මහතා මෙසේ පැවැසුවේය.

 "ජල ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබුණේ 2011 වසරේදී. චීන ආයෝජකයෙක් මේ සඳහා මූල්‍ය දායකත්වය සපයනවා. මේක මානුෂීය ව්‍යාපෘතියක්. ප්‍රදේශයේ ජනතාවට පිරිසුදු පානීය ජලය සැපයිය යුතුයි.
සෑම වර්ෂයකම වර්ෂාව සමය රාජාංගණය ජලාශයෙන් වාන් ‍ෙදාරටු සියල්ල ඇර කොතරම් ජලයක් නිකරුණේ මුදාහරිනවද? මෙය තාවකාලිකව නැවැත්වූවා. නමුත් මුළුමනින්ම නතර කළොත් චීන සමාගමට රුපියල් මිලියන ගණනක අලාභයක් ගෙවීමට සිදුවෙනවා" 
යැයි ඒ මහතා පැවැසුවේය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.