Header Ads

මහේන්ද්‍රන්ගෙන් ප්‍රකාශයක් ගන්න පොලිසීය ඉන්ටර්පෝල් එකෙන් නිල් වරෙන්තුවක් ඉල්ලයි

බැඳුම්කර වංචාවේ පළමු සැකකරු වූ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නිල් වරෙන්තුවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසීය අන්තර්ජාතික පොලිසියෙන් ඉල්ලීමක් කර තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු මහ බැංකු අධිපතිවරයාට මේ සම්බන්ධයෙන් සිතාසි නිකුත් කරන ලදි.

එහෙත් සිංගප්පූරුවේ ඔහුට අදාල ලිපිනය වෙත මෙම සිතාසිය භාර දීමට නොහැකි වී තිබේ.ඒ ,ඔහු එම ලිපිනයේ පදිංචිව නොසිටි බැවිනි.

මාර්තු 8 වෙනිදා ඔහුට රහස් පොලිසීයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

එහෙත් අර්ජුන් මහෙන්ද්‍රන් අදාල ලිපිනයේ පදිංචි නොමැති බැවින් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම උදෙසා රහස් පොලිසීය අන්තර්ජාතික පොලිසීයෙන් මෙම ඉල්ලිම සිදු කර ඇත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.