Header Ads

ශ්‍රී ලංකාව තවත් ලෝක වාර්ථාවකින් ඉදිරියට- නව ව්‍යාපාරයක් අරඹන්න අපහසුම රටවල් අතරට ලංකාවත් එක්වෙයි

නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපහසුතම රාජ්‍යන් අතරට ශ්‍රී ලංකාවද එක් වන බව ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂිකා අයිඩා සීඩ් ප්සවරෙයි මහත්මිය සදහන් කරනවා.

මෙරට වර්ථමාන ආර්ථික තත්වය සම්බන්ධයෙන් එතුමිය සම්පාදනය කරනු ලැබූ විශේෂ ලිපියක් මඟින් මේ බව අනාවරනය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරනු ලබන දැඬි ආරක්ෂාකාරී ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් මෙම තත්වය උදා වී ඇති බවයි සිය ලිපිය මඟින් ඇය පෙන්වා දෙන්නේ.

ගතවූ කාලය තුළදි මෙරටට ලැබුණු පුද්ගලික විදේශ ආයෝජන ප්‍රමාණය සීඝ්‍ර ලෙස පහත බැස ඇති බවද 2000 වසරේ දළ දේශීත නිෂ්පාදනයට සාපේක්ෂව 2016 වන විට එම ප්‍රමාණය 50% ක් දක්වා පහත බැස ඇති බවද එම ලිපියේ සදහන්.

උද්ගතව ඇති තත්වය අනුව ශ්‍රී ලංකාවට මැදි ආදායම් ලබන රටක තත්වයේ සිරවී සිටීමේ අවධානමක් නිර්මාණය වී ඇතැයිද ඒ මහත්මිය පෙනවා දෙනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.