Header Ads

"කඳවුරේදීම පුපුරුවා ගෙන බිරිඳටයි දරුවන්ටයි ප්‍රතිලාභ ගන්නයි හැදුවේ"- දියතලාව බෝම්බ සිද්ධියේ සැකකරු කියයි.

සිය මරණයෙන් අනතුරුව බිරිඳට හා දරුවන් දෙදෙනාට යුධා හමුදාව විසින් ලබාදෙන විශ්‍රාම වැටුප ඇතුළු අනෙකුත් දීමනා ලබා ගැනීමේ අරමුණින් දියතාලාව කඳවුර තුළදි බෝම්බය පුපුරුවා ගනිමින් සිය දිවි හානි කර ගැනීමට තමන් සැළසුම් කර සිටි බව දියතාලාව බෝම්බ සිද්ධියේ සැකකරු, සාජන් මේජර්වරයා පොලිසියට පවසා තිබේ .

තමන්ට තිබු ආර්ථික ප්‍රශ්න රැසක් හමුවෙ මුහුණදීමට නොහැකි තත්වයක් උද්ගතවී වු බවත් තමන් ණයට ලබා ගත් පුදගලයන් දිගින් දිගටම නිවෙසට පැමිණීම නිසා ප්‍රදේශයේ ජනතාව අතර අවමානයට ලක් වූ බවත් මේජර්වරයා පොලිස් ප්‍රශ්න කිරීම හමුවේ පවසා තිබේ.

ණය බරින් මිදීම සඳහා තම මිතුරන් කීප දෙනෙකුගෙන්ම මුදල් ඉල්ලා සිටියත් ඔවුන්ගෙනුත් ඊට සහනයක් නොලැබුණු බවත් මොහු පොලිසීයට පවසා තිබේ.

රු75,000 ක මාසික වාරිකයට යටත්ව වෑන් රථයක් ලිසීං ක්‍රමයටද මෙම මේජර්වරයා ලබා ගෙන තිබෙන අතර දැනට මොහු දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.