Header Ads

අප්‍රේල් 01 වෙනිදා මෝඩයාගේ දවස උනේ මෙන්න මෙහෙමලු

අප්‍රේල් 1 වෙනිදා කියනේ මෝඩයන්ගේ දිනය කියලා අපි හැමෝම කිව්වට ඇයි එහෙම උනේ කියන්න අපි කවුරුත් දන්නේ නැහැ නේද  ? 

ඉතිං අද බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මොකක් හරි කරලා කාව හරි අන්දන්නයි. තවත් සමහරු බලාන ඉන්නේ කවුරු හරි තමන්ට බොරුවක් කියලා රවටන නිසා ඒ ගැන අවදියෙන්.

එහෙත් අප්‍රේල් පළමුවැනිදා කියන්නේ අවුරුද්දේ තවත් එක් දවසක් විතරක් කියල මතක තියාගන්න. ඉතිහාසය බලන කල මෝඩයන්ගේ දිනයට පාදක වෙලා තිබෙන්නේ 1582 වසරේදී ප්‍රංශයේ ජනතාව ජුලියන කැලැන්ඩරයේ (Jඋලිඅන් cඅලෙන්ඩර්) සිට ග්‍රෙගෝරියන් කැලැන්ඩරයට (ඝ්‍රෙගොරිඅන් cඅලෙන්ඩර්) මාරු වු අවස්ථාවේදී බවයි වාර්තා වන්නේ.

ජුලියන් කැලැන්ඩරයට අනුව අලුත් අවුරුද්ද එළඹෙන්නේ අප්‍රේල් පලවෙනිදායි. අපේ රටේ සමාගම්වල පමණක් නොව ලෝකයේ බහුතරයක් සමාගම්වල මුල්‍ය වසර (Fඉනන්cඉඅල් ‍යේර්) ආරම්භ වන්නේද අප්‍රේල් පලවෙනිදා බවට මතක් කළ යුතුමයි.

නමුත් ජුලියන් කැලැන්ඩරයේ සිට ග්‍රෙගෝරියන් කැලැන්ඩරයට මාරු වෙන එකට විරුද්ධ වුණු ප්‍රංශයේ සමහර මිනිස්සු පරණ විදිහටම අප්‍රේල් 1 නව අවුරුද්ද සමරලා තියෙනවා. ඉතින් ඒ විදිහට අප්‍රේල් 1 නව වසර සමරපු අයට අනිත් මිනිස්සු අප්‍රේල් මෝඩයෝ විදිහට විහිළු කරලා අප්‍රේල් 1 මෝඩයාගේ දවස විදිහට නම් කරලා තියෙනවා.

ඉතිං ප්‍රංශයේ මිනිස්සු තමන්ගේ කැලැන්ඩර මාරු කරගැනීමේ වාසියට හදපු බොරුව අද ලෝකයේ හැමෝම මෝඩයන්ගේ දිනය බවට පිළි අරන් තිබීම නේද මෝඩම මෝඩ වැඩේ වෙන්නේ.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.