Header Ads

කුවේට් හි බස් දෙකක් එකට ගැටිමෙන් සිදුවු මාරක රිය අනතුරින් 15 දෙනෙකු මරුට -Photos

කුවේට්හි අල් - ආර්ටල් මාර්ගයේ ගමන් කල බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ බරපතල රිය අනතුරකින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කුවේට් මාධ්‍ය අනාවරණය කරනවා. 

කුවේට් තෙල් බිම් ආශ්‍රිත පවත්වාගෙන යන HEISCO සමාගම සහ Burgan drilling සමාගමේ සේවකයන් ගමන් ගත් බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා

අනතුරින් බරපතල ලෙස තුවාල ලබා මිය ගිය පුද්ගලයින් පහළොස් දෙනා අතර ඉන්දීය ජාතිකයන් 07 ක් දෙනෙකු සහ පාකිස්ථාන ජාතිකයන් 05 දෙනෙකුද වනවා, 

අනතුරින් තුවාල ලබා ජීවිත බේරාගත් පුද්ගලයින් මේ වන විට කුවේට් රෝහල් වල ප්‍රතිකාර ලබන අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය පිළිබඳව කුවේට් පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වනවා. දරුණු අනතුරෙහි ජායාරූප සහ වීඩියෝ දරශන කිහිපයක් පහතින් ...



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.