Header Ads

විශ්වාස භංගයට කොළ එළියක් -5 වැනිදා වනවිට තනි රජයක් හෝ නව රජයක්

මුළු රටම බලාසිටින, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට කොළ එළියක සලකුණු මේ වනවිට වැටී ඇතැයි වාර්තා වේ.

අප්‍රේල් 05 වැනිදා පහන් වනවිට තනි රජයක් හෝ නව රජයක් බිහිවීමට විශ්වාසභංගයේ ඡන්ද ප්‍රතිඵලයෙන් හොඳටම ඉඩකඩ විවර වී තිබෙන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

යහපාලන රජයේ මැති ඇමැතිවරුන් සියල්ලම විශ්වාසභංග යෝජනාවට අදාළ පූර්ණ ලෙස සටනට බැස තිබෙන අතර ඔවුන්ගෙන් පිරිසක් රනිල් ජයග්‍රහණය කරවීමට තම සියලු ශක්තිය යොදා සිටින අතර අනෙක් පිරිස රනිල් පරාජයට පත් කිරීමේ දේශපාලන සටනක යෙදී සිටී.

අගමැතිට එරෙහි විශ්වාසභංගය ආණ්ඩුවේ සියලු දේශපාලන පක්‍ෂ දැඩි කැලැඹීමකට පත්ව, තීරණාත්මක සාධකයකට මුහුණදී සිටින බැවින්, හෙට (03දා) එම පක්‍ෂ සියල්ලක්ම තමන්ගේ ස්ථාවරය ගැන තීන්දුවකට එළැඹීමට සිදුව තිබේ.


ආණ්ඩුව තුළ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බහුතරය ඇමැති කටු ලෙවකමින් වරප්‍රසාද විඳිමින් සිටින බවට ඒකාබද්ධ විපක්‍ෂය කරන චෝදනාව ශ්‍රී ල.නි.ප.යේ ජේ‍යෂ්ඨ ඇමැතිවරයකුගෙන් 'මව්බිම' විමසූ විට සිනාසෙමින් කීවේ 'ඔව්! වෙලාව එනකම් කටු ලෙවකමින් සිටියා තමයි' යනුවෙනි.

මහ බැංකු බැඳුම්කරය හරහා මේ රටේ මහ වංචාවක් හා කොල්ලයක් සිදුවූ බැවින්, මේ වංචාවට අනියමින් හෝ සහාය දී ඇත්නම්, ඒ කිසිවකුට සමාවක් දිය නොහැකි බවත් මේ කොල්ලය නිසා විදේශ ආයෝජන මෙරටට ඒම නතර වීමත්, විදේශිකයන් මහ බැංකු බැඳුම්කරවල යොදා තිබූ මුදල් ආපසු ගෙන යෑමත් රටේ ආර්ථිකයට වැදුණු බරපතළ පහරක් බැවින් මේ තත්ත්වය ඇති කරන්නට කටයුතු කළ යහපාලනයේ අගමැතිවරයාට කිසිදු සමාවක් දිය නොහැකි බවද ශ්‍රී ල.නි.ප.යේ ජේ‍යෂ්ඨ අමැතිවරයා පැවැසීය.

මේ අතර ඉදිරියේදී පාලනයේ අපේක්‍ෂිත වෙනසක් සිදුවෙන්නේ නම් ඒ රජයට පූර්ණ සහාය ලබාදෙන බවට මෙරට විදේශ රාජ්‍ය තාන්ත්‍රික රටවල් 14ක් ජේ‍යෂ්ඨ ඇමැතිවරයකුට දුරකතනය ඔස්සේ සහාය පළකොට ඇති බවද වාර්තාවේ.
උපුටා ගැනීම- mawbima.lk

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.