Header Ads

රජයෙ අකාර්යක්ෂමතාවය නිසා ප්‍රමාද වු පෙට් ස්කෑන් යන්ත්‍රය අද ජනතා අයිතියට

මහරගම අපේක්ෂා රෝහලට පැමිණෙන රෝගීන්ගේ සිරුරේ පවතින පිළිකාවේ ස්වභාවය නිවැරදිව හඳුනාගැනීමටත් පසු විපරම් ප්‍රතිකාර සඳහාත් පෙට් ස්කෑන් යන්ත්‍රයක් නොමැතිකම හේතුවෙන් රෝගීන් මියයන පසුබිමක ජනතා සහය මත මෙම යන්ත්‍රය මිලදී ගැනීමට අපේක්ෂා රෝහල තීරණය කර තිබිණි.

ඒ අනුව අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය  ඩබ්ලිව්.වයි.කේ.විල්ෆට් මහතා මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සදහා 2016 වසරේදී මනුසත් දෙරණ සමඟ අතවැල් බැද ගන්නා ලදි.

රුපියල් කෝටි 20ක් පමණ වටිනා මෙම යන්ත්‍රය මිලදි ගැනීමට රෝහල ආරම්භ කළ ව්‍යාපෘතිය මනුසත් දෙරණ වෙත භාරදෙන විට ඒ වෙනුවෙන් ඇරඹි ලංකා බැංකු ගිණුමේ මිලියන හයක පමණ මුලක් තැන්පත්ව තිබිණි.

ඒ අනුව දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් රැසක් ලංකා බැංකු ගිණුමට මුදල් බැර කිරීම ආරම්භ කරන ලදි.

එසේම එක් පුද්ගලයෙකු රුපියල් කෝටි තුනහමාරකට ආසන්න මුදලක් පෙට් ස්කෑන් යන්ත්‍රය ලබාගැනීම සදහා මුදල් පරිත්‍යාග කරනු ලැබීය.

මාස හතරක් වැනි කෙටි කාලයකින් අදාළ ඉලක්කය පසුකර යමින් රුපියල් කෝටි 24ක මුදලක් එක්රැස් කර ගත්තද රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ අකාර්යක්ෂමතාවය මත එම පෙට් ස්කෑන් යන්ත්‍රය මිලදි ගැනීමේ කටයුතු බොහෝ ප්‍රමාද විය.

වසර දෙකකට ආසන්න කාලයකට පසුව අද මේ වන විට පෙට් ස්කෑන් යන්ත්‍රය මහරගම අපේක්ෂා රෝහලේ සවිකර අවසන්ය.  

කෙසේ වෙතත් ජනතාවගේ එකමුතුවෙන් අපෙක්ෂා රෝහලේ අපෙක්ෂාව අද මල් ඵල දරා ඇත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.