Header Ads

ඉරාකයේ සුපිරි පූස් හෝටලය

පසුගියදා පළමු වරට ඉරාකයේදි තරු පහේ හෝටලයක් පූසන් සඳහා විවෘත කෙරුණි.

දකුණු ඉරාකයේ බස් රාහි පදින්චිව සිටින පශු වෛද්‍ය සිසුවකු වන අහමඩ් තහීර් මාකීවිසින් තම දැවැන්ත නිවහන මුළුමනින්ම බළලුන් සඳහා වෙන් වූ සුපිරි හෝටලයක් බවට පත් කර ඇත.

එක බළලෙකු සඳහා එක් රැයකට ඩිනාර් 5000 ක් ගෙවා මෙම සුපිරි හෝටලයේ නවාතැන් ගැනීමට හැකිවේ.

විශාල මුදලක් ගෙවා දිබ ගණනාවක් වුවද මෙහි නවාතැන් ගැනීමට බළලුන්ට අවස්ථාව හිමිවේ.

හෝටලය තුළ නවාතැන් ගන්නා බළලුන්ට ඔවුන්ටම විශේෂයෙන් සකස් කරන ලද විවිධ වර්ගයේ සුපිරි ආහාර, වෛද්‍ය පහසුකම්, සැප පහසු ඇඳන්, සෙල්ලම් , බළලුන් කැමති මසාජ් සහ සුරතල් කිරීම් ආදියෙන් සමන්විත බව පැවසේ.

යුධ ගැටුම්වලින් බැටකන ඉරාකය තුල මෙම බළලුන්ට මෙම ස්ථානය දෙව් විමනක් බඳු බව එරට වාර්ථා කරයි.
උපුටා ගැනීම - rivira.lk




No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.