Header Ads

අබාන්ස් මගඩියට ඔබත් හසු උනාද ? තවත් මූල්‍ය වංචාවක් එළියට

විශ්වවිද්‍යාලයිය සිසුන්ට laptop පරිඝනක ලබාගැනීම සඳහා ලබාදෙන ණය මුදලින් පරිඝනක ලබාදීමේදී abans ආයතනය මගින් වංචාසහගතව මිල අඩු පරිඝනක ලබාදී ඇත .

මෙහිදී මෙම ණය මුදල් ලබාගැනීම සඳහා තෝරාගත් පරිඝනක සැපයුම් කරුවෙකුගේ invoice/quotation ලබා දියයුතු අතර පසුව බැංකුව මගින් එයට අදාලව රු 75000 ක උපරිමයකට යටත්ව ණය මුදලක් ලබාදෙයි.

මෙහිදී abans ආයතනය මගින් ලබාදී ඇති invoice/quotation තුල සඳහන්ව ඇති මොඩලය ලබා නොදෙමින් laptop ලබාදීමේදී වෙනත් මිල අඩු මොඩලයක් ලබාදී ඇත. 

මෙහිදී රු 74500 ක මුදලකට ලබාදී ඇත්තේ රු 50000ක් පමණ වටිනා පරිඝනකයකි. 

පරිඝනකයේ features සඳහන්ව ඇති ලේබල ඉවත් කරමින් මෙම පරිඝනක ලබාදී තිබේ . 

මෙය විමසීමට ගිය විට සිසුන්ට එය සඳහා විසදුමක් ලබාදී නොමැති අතර මෙරට ප්‍රධාන උපකරණ ගෙන්වන ආයතනක් වශයෙන් මෙලෙස කටයුතු කිරීම ගැටලුවකි. 

මෙහිදී විශ්වවිද්‍යාල සිසුන් ලෙස මෙම වංචාවට එරෙහිව කටයුතු කරන අතර මෙම ආකාරයේ සිදුවීමකට මුනදුන් සිසුන්ට වහාම ඒ පිළිබඳව මහා ශිෂ්‍ය සංගම් වලට තොරතුරු ලබාදෙන මෙන් ඔවුන් ඉල්ලා සිටියි.
උපුටා ගැනීම - No PMC - For Free Education



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.