Header Ads

කැලණිය රජමහ විහාරයේ ධාතු මන්දිරයට හොරු පනිතිි

කැලණිය රජමහ විහාරයේ ධාතු මන්දිරයේ තිබූ පෞරාණික වටිනාකමකින් යුත් ගජමුතු 10ක්, රන් ආලේපිත බුදු පිළිම දෙකක් ඇතුළු පෞරාණික භාණ්ඩ කිහිපයක් සොරකම් කර රැගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් කැලණිය පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. 

පෞරාණික මැණික් ගල් කිහිපයක්, රන් ආලේපිත මාල කිහිපයක්, රන් මාල කිහිපයක් මෙලෙස සොරකම් කර ඇතැයිද පොලිසිය සඳහන් කරයි. ඉකුත් 02 වැනි දින පෙරවරු 8.30ත් 11.30ත් අතර මේ සොරකම සිදුව ඇති බවද පොලිසිය පවසයි.

එදින පෙරවරු 8.30ට ධාතු මන්දිරයේ ‍ෙදාර එහි භාරකරු විසින් තේවාව සඳහා විවෘත කර තිබේ.

පෙරවරු 11.30 වන විටත් එම ‍ෙදාර විවෘතව තිබූ නිසා විහාරවාසී හිමි නමක ධාතු මන්දිරයේ භාරකරුගෙන් එහි ‍ෙදාර වැසුවේ නැත්තේ ඇයිදැයි විමසා තිබේ.

තමා ධාතු මන්දිරයේ ‍ෙදාර වැසූ බවත් එම භාරකරු හිමිනමට පවසා ඇත.

කෙසේ වෙතත් භාරකරු සහ හිමිනම ධාතු මන්දිරය තුළට ගොස් පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ එහි තැම්පත් කර තිබූ පෞරාණික භාණ්ඩ කිහිපයක් අතුරුදන් වී ඇති බවය.

මේ සොරකම කළ තැනැත්තා සොරකම සිදුකරන ආකාරය කැලණිය රජමහ විහාරයේ සවිකර ඇති සීසීටීවී දර්ශනවල සටහන් වී තිබේ.
මව්බිම
චාමර අමරසූරිය 

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.