Header Ads

විශ්වාසභංග ජයග්‍රහණයෙන් යු.එන්.පිය විදින ස්වයං වින්දනය ඊළඟ මැතිවරණයේදි භයානක සිහිනයක් වෙයි.


රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කළත් පරාජයට පත් උනත් ඒ වෙනුවෙන් වෙනත් පුදගලයෙක් අගමැති වූවත් රට්ට සෙතක් නොවන බව පරපුරක බලය සංවිධානයේ කැඳවුම්කරු චාමර නාකන්දල පවසනවා. ඔහු මේ බව පැවසූවේ ලංකා ටච් වෙබ් අඩවිය කළ විමසීකදිය. චාමර නාකන්දල මෙසේද පැවසීය.

පාර්ලිමෙන්තුවේ බහුතර විශ්වාසසය දිනා ගනිමින් අගමැති රනිල් විශ්වාසභංගයෙන් ජයග්‍රණය කර තිබෙනවා.

ඒ කියන්නේ මහ බැකු මකොල්ලය සම්බන්ධයෙන්, පොරොන්දු ඉටු නොකිරීම සම්බන්ධයෙන්, රටේ ආර්ථික අවපාතය ජීවන වියදම ඉහළ යාම, පසුගිය ආණ්ඩුවෙන් හොරුන්ට දඬුවම් නොදීම යන සියලු කාරණාවලින්ද රනිල් නිදහස් බවත් ඔහුව තව දුරටත් විශ්වාස කරන බවත් බහුතරය පෙන්නුම් කර තිබෙනවා.

මේ ප්‍රතිඵලය සමඟ ලංකාවේ බහුතර පුර්වැසියා එකඟද නැත්ද යන බව අප විමසා බැලිඅය යුතුයි.

පරපුරක බලය ලෙස අප විශ්වාස කරන්නේ රටේ බහුතර පුරවැසියන් රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කරන බවයි. වසර තුනක් තිස්සේ පැවත ආ මේ ආණ්ඩුවේ දූෂිත බව අකාර්යක්ෂමතාවය ඉදිරි වසර දෙක තුළත් එලෙසම පවතිනු ඇති.

වඩා කණගාටුදායකම කරුන වන්නේ ජනවාරි 8 ව්‍යාපරයේ සිටි සිවිල් සංවිධාන ක්‍රියාකාරිත්වයයි.

රාජපක්ෂවරු පරාජය කිරීම උදෙසා රනිල් වික්‍රමසිංහ රැක ගතයුතු යැයි න්‍යාය මත සිට කටයුතු කිරීමෙන් ඔවුන්ද රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ සියලු දූෂණ වංචා , අකාර්යක්ෂමතාවය වෙනුවෙන් පෙනී සිටීමයි.

රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කළත් පරාජයට පත් උනත් ඒ වෙනුවෙන් වෙනත් පුදගලයෙක් අගමැති වූවත් රට්ට සෙතක් නොඅවන බව අපි පිළිගන්න දේශපාලනයයි.

මේ දෝශාභියෝගය සමබන්ධව මුල සිට අඟ දක්වා විශ්ලේෂනය කිරීමේදී අපට පැති ගණනාවක් පෙනෙන්නට තිබෙනවා. 

ඉන් එකක් වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දුර්වල නායකත්වයයි. සුපුරුදු ලෙසම ඔහුගේ ස්ථීර ප්‍රතිපත්තියක් නැති ක්‍රියාවලිය ඔහුගේ ගමනක අවසානය බවට පත් වෙනවා.

තමන් සමඟ සිටි සුළු මන්ත්‍රීවරුන් පිරිස රැක ගන්නට ඔහුට මේ අවස්ථාවේ නොහැකි වෙනවා. 

දෙවැන්න මහින්ද රාජපක්ෂගේ දේශපාලන හැකියාව.ඔහුටද මේ දේශපාලනය තුළ යමක් කිරීමේ හැකියාව වේගයෙන් ක්ෂය වන බව පෙනෙන්නට තිබෙනවා.

උදය ගම්මන්පිළ වැනි රටට විහිළු සපයන්නන්ගේ අධි තක්සේරුව සහ ප්‍රලාපයන් අතේ පත්තු වී තිබෙනවා. 

තුන්වන කරුන , මෛත්‍රීපාල සිරිසේනගේ සහයෝගයෙන් ඝෝඨාභය රාජපක්ෂ අගමැති විමේ මත ඵළ වීට් තිබෙනවා. එය එසේනම් එය පුස්සක් බවට පත් වී තිබෙනවා.

හතර වෙනි කරුන නම් මේ ජයග්‍රහණය තුළින් තාවකාලික ස්වයං වින්දනයක් ලැබීමට රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පාක්ෂිකයන්ට ලැබී තිබෙනවා. 

ඔවුන් එසේ ස්වයං  වින්දනය විඳින අතරතුර ජනතාවට විදින්නට සිදුවන විඳවීමේ ප්‍රතිපලය යුඇන්පියට භයානක සිහිනයක් බවට පත් වේවි.

මේ සියලු කාරණා හරහා ලංකාවේ මජර දේශපාලනය දකින්නයැයි අපි ජනතාවගෙන් ඉල්ල සිටිනවා.

ආරම්භයේ සිට අද දක්වා ඉතා අසීරූ දේශපාලනයක් තෝරා ගනිමින් පරපුරක බලය අපි කිසි විටක කිසිඳු හේතුවක් සඳහා හෝ මේ තක්කඩි දේශපාලුවන් වෙනුවෙන් නොසිටි බව මතක් කරනවා.

මේ පවතින දේශපාලන පක්ෂවලින් එළියේ පුරවැසි දේශපාලනයක් ඉදිරියට ගෙන ඒම සඳහා වැඩ කරන ලංකාවේ එකම දේශපාලන කණ්ඩායම වන අපි ඉදිරියටත් එම ප්‍රතිපත්තිය එලෙසම ක්‍රියාත්මක කරනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.