Header Ads

නව ආදායම් බදු පනත හඳුන්වා දුන්නේද රජයේ සෘජු බදු ආදායම වැඩිකර ගන්නයි -මුදල් ඇමති

ඉදිරි වසර දෙක තුළ රජයේ සෘජු බදු ආදායම අපේක්ෂිත ලෙස වැඩිකර ගැනීමට හැකි වුවහොත්  වක‍්‍ර බදු අඩු කිරීමට හැකි වනු ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා. 

ඒ අනුව වැට් බද්ධ වුවද ඉවත් කිරීමට හැකිවනු ඇති බවටයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේ.

වක‍්‍ර බදු අඩු කිරීමට ඇති එකම ක්‍රමය ඍජු බදු ආදායම ඉහළ නැංවීමෙන් පමණක් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

බදු ආදායමෙන් සැළකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළ හැකි ඉදිරියේ දී වැට් බද්ධ ඉවත්කිරිමට ද හැකි වන බව අමාත්‍යවරයා කියා සිටියා.

දැනට පනවා ඇති වැට් බද්ධ ද සාධාරණ නොවන බව පෙන්වාදුන් අමාත්‍යවරයා එය ක්‍රමයෙන් අවම කිරිමට අපේක්ෂා කරන බවයි.

නව ආදායම් බදු පනත හඳුන්වා දුන්නේද රජයේ සෘජු බදු ආදායම වැඩිකර ගැනීමේ අපේක්ෂාවෙන් බවයි අමාත්‍ය මංගල සමරවීර වැඩිදුරටත් කියා සිටියේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.