Header Ads

ලොවම මවිත වු ‘අටා’ නම් මමියේ සුල මුල හෙළි වෙයි -Photos

2003 වසරේදී අටකාමා කාන්තාරයෙන් පිටසක්වළ ජීවියෙකුගේ යැයි සැකකළ මළසිරුරක් හමුවිය.

මිනිස් රූපයකට බොහෝ අතින් සමාන එය ඊජිප්තුවේ ඉපැරැණි මමියක් බඳුවිය.

අටකාමා කතරෙන් හමුවූ නිසා එදා එයට ලබාදුන් නම වූයේ ‘අටා’ යන නාමයය.

‘අටකාමා හියුමනොයිඩ්’ හෙවත් ‘අටා’ යනුවෙන් මමියකට සමාන මෙම මළසිරුර එදාසිට ලොව ප්‍රසිද්ධ විය.

අසාමාන්‍ය ලෙස දික්වූ හිස්කබල එම අටා දේහයේ කැපී පෙනෙන ලක්ෂණයක් විය.

එහි ඇස් විවරද අසාමාන්‍ය ලෙස ඇතුළට ගිලී තිබිණි.

අතිශයින්ම අසාමාන්‍ය ලෙස කුඩා වූ ශරීරයකි, එය දිගින් අඟල් 6 ක් පමණක් විය.

මේ සියලු අසාමාන්‍ය ලක්ෂණ නිසා එය පිටසක්වළ ජීවියෙකුගේ මළ සිරුරක් බවට ලොව පිළිගත් විද්‍යාඥයෝ පවා සැක පළ කළහ.

‘අටා’ ඒලියන් හෙවත් පිටසක්වළ ජීවියෙකු බව දක්වන චිත්‍රපට පවා නිපදවිණි.

එහෙත් පිටසක්වළ ජීවියෙක් බවට මෙතෙක් සැලකුණු එම අටා, සැබවින්ම විකෘති වූ මහ පොළොවේ අනේක දුක් වේදනා විඳි ළදරුවෙකුගේ මළසිරුරක් බවට හෙළිවී තිබෙනවා.

මෙම අටා හමුවූයේ අටකාමා කතරේ චිලී රාජ්‍යයට අයත් නුවරකිනි.

ස්ටැන්ෆර්ඩ් සරසවියේ අණුක ජීව වෛද්‍ය විද්‍යාඥෙයෝ 2013 වසරේදී ආරම්බ කළ සවිස්තරාත්මක ජාන පරීක්ෂාවකින් අනතුරුව පසුගියදා එම ජාන පරීක්ෂාවේ ප්‍රතිඵල එළිදැක්වුණා, එහිදී හෙළිවූයේ එය ‘අනුමාන කළ නොහැකි තරම් විකෘතිතාවන්ගෙන් යුක්ත’ මනුෂ්‍ය ශරීරයක් බවයි.

දිගින් අඟල් 6ක් පමණක් වුවද එම ශරීරය වසර 6 ත් 8 ත් අතර දරුවෙකුගේ බවටද ඔවුහු නිගමනය කළහ.

එසේම මෙයට වසර 15කට පෙර සොයා ගැනුණද එම සිරුර වසර 40 ක් පමණ පැරැණි බවද නිගමනය කර තිබේ.

ලෝකයේ ප්‍රකට සරසවි තුනක පර්යේෂකයන් එකතුවී මේ කුඩා මමියේ අබිරහස මේ වනවිට බොහෝ දුරටකට විසඳී ඇත.

ඒ අනුව ලෝකය පුදුමයෙන් මුසපත් කළ ‘අටා’ පිටසක්වළ ජීවියෙක් නොව, මිහිමත පහළ වූ දරුණුතම හා පෙර නොවූ විරූ ජාන විකෘතිතාවලින් පෙළුණු, චිලී සම්භවයකින් යුත් දැරියකි.







No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.