Header Ads

රට පුරා ක්‍රියාත්මක ප්‍රබල පාතාල කල්ලි 12කගේ තොරතුරු අනාවරණය වෙයි.

රට පුරා ක්‍රියාත්මක වන ප්‍රබල පාතාල කණ්ඩායම් ‍ෙදාළහක් පිළිබඳ සියලු තොරතුරු අනාවරණය වෙයි.

මෙම පාතාල කණ්ඩායම් විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක වන බවට හා ඔවුන් මත්කුඩු ජාවාරම්කරුවන් හා එක්ව පාතාල ක්‍රියාකාරකම් කරන බවටද තොරතුරු අනාවරණය කර ගැනීමට ආරක්ෂක අංශ සමත් වී ඇත. 

නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර විසින් ලබාදුන් උපදෙස් මත, මෙසේ පාතාල කල්ලි පිළිබඳ තොරතුරු එක් රැස්කිරීම කර තිබේ.

පාතාල කල්ලි ‍ෙදාළහට අයත් සාමාජික සංඛ්‍යාව හැත්තෑවක් සියයක් අතර වන බවත් ඔවුන් යන එන ස්ථාන ඇසුරු කරන පුද්ගලයන් පිළිබඳ සියලු තොරතුරු මේ වනවිට හෙළිකරගෙන ඇති අතර එම තොරතුරු ඇතුළත් වාර්තාවක් දැනට විදේශගතව සිටින නීතිය හා සාමය පිළිබඳ ඇමැතිවරයා ආපසු පැමිණි පසු භාරදීමට සූදානම් කර ඇති බවද වාර්තා වේ.

පාතාල ක්‍රියාකාරකම්වලට හිස එසවීමට කිසිදු ආකාරයකින් ඉඩ නොදෙන බවත්, පාතාල කල්ලි සමූල ඝාතනය කිරීමට, ජනතාවගේද සහාය ඇතිව පුළුල් වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාවට නංවා ඇති බවත් නීතිය හා සාමය පිළිබඳ ඇමැතිවරයා "මව්බිම"ට පැවැසීය.

දැනට තොරතුරු හෙළිවී ඇති පාතාල කල්ලි ‍ෙදාළහට අයත් සාමාජිකයන් කිසිවකුටත් රටින් පැනයාමට ඉඩ නොතබා ඔවුන් පිළිබඳ සියලු විස්තර ගුවන් තොටුපළවලට දීමටද පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

පාතාලයට අලුතින් එක්ව ඇති පිරිසක්ද මෙම පාතාල කල්ලි තුළ සිටින බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.