Header Ads

කටුනායක ගුවන් ගමන් වෙනස් කළ ඉන්දියාවේ මිසයිල

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි අද (03දා) දිනයේ ගුවන් ගමන් ප්‍රමාදයට හේතුව ඉන්දියාව විසින් සිදුකරන මිසයිල අත්හදා බැලීමක් බව ඉන්දීය ආරක්ෂක පුවත් සේවය වාර්තා කරනවා.

පසුගිය දින කිහිපය පුරා ඉන්දියාව මිසයිල අත්හදා බැලීම් සිදුකරමින් සිටින අතර, Solid Fuel Ducted Ramjet (SFDR) වර්ගයේ මිසයිලයක් මේ වනවිටත් සාර්ථකව අත්හදා බලා ඇති බවයි ඔවුන් පවසන්නේ. 

සාම්ප්‍රදායික ඝන ඉන්ධන හෝ ද්‍රව ඉන්ධන බලයෙන් ක්‍රියාත්මක වන මිසයිලවලට වඩා මෙම නවතම SFDR මිසයිලය ඉදිරියට තල්ලු වීමේ තාක්ෂණයෙන් යුතු වෙනස් වන බවද සඳහන් වනවා.

ඉන්දියානු සාගරයට ඉහළ අහසෙහි කලාපයට අයත් රටක් විසින් සිදුකරන පරීක්ෂණ ගුවන් ගමනක් නිසා හෙට (03දා) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන හා ඉන් පිටව යන ගුවන් ගමන් වාර කිහිපයක් වෙනස් වන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරන්නේ.

මේ හේතුවෙන් තම පාරිභෝගිකයන්ට සිදුවන අපහසුව පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරන ශ්‍රී ලංකන් ගුවන් සමාගම, එම තත්ත්වය ගුවන් සමාගමේ පාලනයෙන් තොර තත්ත්වයක් බවයි පෙන්වා දෙන්නේ.

මේ අතර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වැඩබලන කළමණාකරුගෙන්  කළ විමසීමකදී ඔහු පැවසුවේ මෙතෙක් ගුවන් යානා පිටත්වීම් සහ පැමිණීමේ වල හෙට දිනයේ සිදුවන ප‍්‍රමාදයන් පිළිබද දැනුවත් කර නොමැති බවයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.