Header Ads

ගෝටාගේ මිග් හොරකම ප්‍රථමයෙන් හෙළිකල ඉක්බාල් අතාස්ට මරන තර්ජන කළ හැටි , තර්ජන කළ පුද්ගලයාම කියයි.

බිය වු පසු මුත්‍ර පිටවනවා යැයි අසා තිබුනද සියැසින් දුටුවේ එදාය..! ගෝටාගේ මිග් හොරකම ප්‍රථමයෙන් හෙළිකළ ඉක්බාල් අතාස්ට මරණ තර්ජන කළ හැටි..! -තර්ජන කළ පුද්ගලයාම කියයි
-හිටපු හමුදා බුද්ධි නිලධාරියෙකුගේ හෙළිදරව්ව-

1965 ඡන්දයට වූ ණය ගෙවන්නට ඩී.ඒ. රාජපක්ෂ තම කාරය විකිණුවේය. වරෙක රාජපක්ෂ පරපුරේ පාරම්පරික නිවහන වූ මැදමුලන නිවස දේශපාලනය වෙනුවෙන් උකස් කළේය. 

මැදමූලන නිවස සින්න විණ. පිස්කල් තැන ඇවිත් රාජපක්ෂ පවුල නිවසින් එළියට ඇද දැමිණ. නිවසින් එළියට පැමිණි රාජපක්ෂ පවුලට නැවත උකස ගෙවා නිදහස් කර දුන්නේ ඩී.ඒ. ගේ හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසකි. 

ඩී.ඒ. රාජපක්ෂ 1967 නොවැම්බර් හත්වෙනිදා දිවිසැරිය නිම කෙළේය. ඔහු මියගියේ දූ දරුවන් නව දෙනෙක් මැදමුලන නිවසේ තනි කරමිනි. 

ඩී.ඒ රාජපක්ෂගේ හදිසි අභාවයත් සමග මහින්දලා ගේ පවුල දුෂ්කර ආර්ථික අඩියකට වැටිනි. මහින්ද තමන් අවසානයට සමත්ව සිටි අපොස සා පෙල විභාගයේ ප්‍රථිපල වලින් විද්‍යොදයේ පුස්තකාල සහකාර‍ රැකියාවට ගියේ රු 201 ක වැ‍ටුපකට ය. එයද දේශපාලන හිතවත්කම් මත හදා ගත් රැකියාවකි.

සිරිමාවෝ මැතිනිය මහින්දගේ තාත්තාගේ තුන් මාසයේ දානය දින මැදමූලන නිවසට පැමිණියා ය. රාජපක්ෂලාගේ ඉදිරි දේශපාලනය පිලිබඳව එහිදී සාකච්ඡා කෙරුනි. 

70 මහ මැතිවරණය සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරුනු අතර බෙලිඅත්තෙන් මහින්දට තරඟ කිරීමට මැතිණිය අවස්ථාව සැලසුවා ය. මහින්ද ඡන්දෙට වියදම් කිරීම සඳහා විද්යෝදය විශ්ව විද්‍යාලයෙන් ආපදා ණයක් ගත්තේය. 

අවුරුද්දක වැටුප ආපදා ණය වශයෙන් ගත් මහින්ද බෙලිඅත්තේ ඡන්දෙට බැස්සේය. මැතිවරණයෙන් ජයග්‍රහණය කළ මහින්ද පාර්මේන්තුවට පත්විය. මේවා ගැන සඳහන් වන්නේ මහින්දගේ ‘කුරහන් සාටකයේ කතාව‘ පොතේ ය

ගෝටා කෑවා නොව ලෙව කෑවා ය
-----------------------------------
සිරිසේනට ග්‍රාම සේවකයා කියුවද මහින්ද සිය වෘත්තීය ජීවිතය ආරම්භ කෙළේ ග්‍රාම සේවකයාටත් පහත් අඩියකිනි. එනම් පුස්තකාල සහකාර රස්සාවෙනි. 

ගෝටාබය කැඩෙට් නිලධාරියකු ලෙස හමුදාවට බැඳුනේ සුදුසුකම් නිසා නොව මැදමූලන නඩය මැතිනියගේ නිලධාරීන් හමුවේ කළ කං කෙඳිරිය නිසාය. 

ගෝටාබයට ද තිබුනේ යාන්තම් පාස් ඕලෙවල් පමණි. කැඩෙට් පාඨමාලාව පුරාවට ඔහු පෙන්වූ දුර්වල කුසලතාවය සහ අඩු ලකුණු ඊට සාක්ෂි ය . විසිර යාමෙන් අනතුරුව ගෝටා අනුයුක්ත කළේ ‘රජරට රයිපල්’ බලකාය වෙතය.

යුද්ධයට බියේ ඇමෙරිකාවට පලා ගිය ගෝටාබයට එහිදී හිමිවූයේ ඉතා දිලිඳු ජීවන තත්වයකි, කෑවා නොව ලෙව කෑවා පමනි. ඩොලරයක් දෙකක් වන වයින් බෝතලයක් මිලදී ගත්තේ මාසයකට එකකි. ඇමෙරිකාවේ ගත කළ අවු 15 පුරාවට කිසිදු දිනක ලංකාවට නොපැමිණියේය. ලංකාවට දුරකථන ඇමතුමක් ගත්තේ නම් එයද ගත්තේ කන කැස්බෑවා අහස දකිනවා මෙනි. ඒ අන් කිසිවක් නිසා නොව මුදල් හිඟ කම නිසා ය.

පසුව බිලියන ගණනින් කෑම ඇරඹුවාය
-----------------------------------
අයියා ජනාධිපති වී මල්ලී ගෝටාබය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වෙන්නට පෙර අවි ආයුධ මිලට ගැනීමේ තීන්දු තීරණ ගත්තේ හමුදාව විසිනි. 

අවි ගනුදෙනු විනිවිද භාවයකින් ක්‍රියාත්මක කිරීම උදෙසාම ගොඩ නැගූ විශේෂ ඒකක පවා හමුදාව තුල විය. රුසියානු, චීන, ලතින්, ඊශ්‍රායෙල් භාෂා සාක්ෂරතා ඇති ලාංකිකයන් අධිකාරි නිලයේ පිහිටුවා මෙම ඒකක වෙත අනුයුක්ත කොට තිබුනි. 

ගෝටාගේ කාලයට පෙර සිදුවූ දූෂණ මහා පරිමාන නොවීය . ඒවා ලක්ෂ ගණනේ සොරකම් විය, ඇතැම් ඒවා නාරි මාංශයට පමණක් සීමා විය. ගෝටාබය පැමිනි විගස අවි ගනු දෙනු සම්බන්ධ හමුදාවේ අභිමතය අහෝසි කෙළේය. භාෂා පරිවර්ථක නිලධාරීන්ගේ ගේ සේවය අවසන් කෙළේය. සියල්ල තම අභිමතය මත තීන්දු කළ ගෝටා බිලියන ගණනින් ගසා කෑම පටන් ගත්තේය.

2006 වසරේදී මිග්යානා 4 ක් මිලදී ගැනීමට සහ තවත් යානා 3 ක් අලුත්වැඩියා කිරීම සඳහා යයි කියා ගෝටා ඩොලර් මිලියන 17.8 පමණ මුදලක් කඩින් කඩ මහා භාන්ඩාගාරයෙන් ලබගෙන ඇත. නමුත් මිග් යානා සැපයූ යුක්රේන් සමාගමට ගෙවා ඇත්තේ ඩොලර් මිලියන 7.2 කි.

G ටු G නොහොත් රජයන් දෙකක් අතර සිදුවන ගනුදෙනුවක් ලෙස අඟවමින් කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව නොමග යැවූ ගෝටා මුදල් ගෙවීම කළේ ලන්ඩනයේ බෙලිමීසා හෝලිඩින්ස් නම් ඔවුන්ගේම ව්‍යාජ සමාගමකට ය. එවැනි සමාගමක් ලන්ඩනයෙන් අදවත් සොයා ගත නොහැකිය. ඒ අනුව ඩොලර් මිලියන දහයකට ආසන්න මුදලක් මිග් ගනු දෙනුවෙන් ගෝටා ගසා කෑවේය. අද වන විට ඒවා සාක්කි සහිතව හෙළි වී ඇති අතර ඇත්තේ නඩුව විභාග කිරීම පමණක් ය.

ඉක්බාල් අතාස්ට මරණ තර්ජන කළ හැටි
-----------------------------------
හමුදාවක දෙවෙනියාගේ ඒකායන සිහිනය කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හෝ හමුදාපති බවට පත්වීම ය. හමුදාපතිට කෙළවීමට හැකි ලිපිගොනු දෙවැන්නා විසින් හොර රහසේ සන්ඩේ ටයිම්ස් පුවත් පතේ ආරක්ෂක කොළම ලියූ ඉක්බාල් අතාස්ට ලබාදීම එකල සාමාන්‍ය සිදුවීමක් විය. අතාස්ගේ ‘සිටුවේෂන් රිපොර්ට්’ කොළම නිසා මාරු වූ හමුදා පුටු වලට උදාහරණ එමටය. ගෝටාබයගේ මිග් ගනුදෙනුව සිදුවන විට ගුවන් හමුදාවේ දෙවැන්නා වූයේ හර්ෂ අබේවික්‍රමය. මොහු රනිල්ගේ අති ජාත මිත්‍රයෙකි. මේ අනුව මිග් හොරකමට අදාල ඔරිජිනල් ලිපි ගොනුව අතාස් අතට ගිය ආකාරය වටහා ගැනීම අපහසු නොවේ.

ගෝටාබයගේ මිග් සොරකම අතාස් විසින් හෙලිදරව් කිරීමත් සමගම ගෝටාබය අන්ත අසරණ අඩියකට වැටුනි. ලංකාදීප පත්‍රයේ ඩබ්.ජී. ගුනරත්න අතාස්ගේ ඉංග්‍රීසි කථාව සිංහලෙන් ලියුවේය. ගෝටාගේ මිග් හොරකම ගමේ කඩ මංඩියේ පවා කථා බහට ලක් විය. ශ්‍රීපති සහ මංගල මිග් හොරකම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමත් සමග ගෝටාගේ තත්වය තවත් අසරණ විය. අද ගෝටාගේ කුනු ලන්කට් සෝදන වීරවංශ ද එකල සිටියේ ඔහුට පස මිතුරු ජ.වි.පෙ සමගය. ගෝටාට තිබූ එකම පිහිට හෙන්දාගේ ජාතික බුද්ධි අංශය සහ සුදු වෑන් බලකාය පමණි.

ඒ වන විටත් මාධ්‍යවේදීන් 14 ක් මරා තිබිණි
-----------------------------------
මොවුන් විසින් ඒ වන විටත් ටැමිල්නෙට් සිවරාම්, සුඩර් ඔලි සුගීතරාජන්, සත්දින මාධ්‍යවේදී සම්පත් ලක්මාල් ඇතුලු මාධ්‍යවේදීන් 14 දෙනෙකු ඝාතනය කොට තිබුණි, තව බොහෝ පිරිසකට දැල එලා තිබුනි. වික්ටර් අයිවන්ගේ නම පවා එම ලැයිස්තුව තුල විය. අතාස් නිහඬ කිරීමේ කොන්ත්‍රාත්තුව ලැබුනේ මේ ලියුම්කරුට ය. ඒ අනුව ලියුම්කරු සූදානම් ශරීරයෙන් සන්ඩේ ටයිම්ස් කාර්යාලය වෙත ගියේය. ලියුම්කරු අතාස් හඹා ගිය දින රාජපක්ෂලාගේ ඥාතියෙකු වූ ලොත‍රැයි මන්ඩලයේ සභාපති සරණ ගුනවර්ධන අතාස්ගේ නිවස ඉදිරිපිට අතාස්ට එරෙහිව උද්ඝෝෂණයක් සංවිධානය කෙළේය . ඒ අතාස් කොටි හිතවාදියෙකු යයි බැන වදිමිනි.

සන්ඩේ ටයිම්ස් කාර්යාලයට ගිය ලියුම් කරු මුලින්ම හමුවූයේ අතාස්ගේ ලිපි සිංහලෙන් ලියන ඩබ්.ජී. ගුනරත්නය. මිග් ගනුදෙනුව හෙළිකිරීම හමුදාවේ චිත්ත ධෛර්ය හීන කිරීමට හේතු වන බවත් එය වහා නවතා දැමිය යුතු බවත් ලියුම්කරු ඩබ්.ජී. ගුනරත්න වෙත දන්වා සිටියේය.

“මම මේ පත්තර කන්තොරුවේ සේවකයෙක් , ආයතනය කියන දේ මම කරන්ඩ එපෑයැ...” ඔහුගේ පිළිතුර විය.

ඒ සමගම ඔහු දෙසට හැරවුනු ලියුම්කරුගේ බෑගය තුලින් ගිනි අවියක් කොක් කරන හඬ නිකුත්විය. ගතවූයේ නිමේෂයකි. ඩබ්.ජී. ගුනරත්න දහඩියෙන් නෑවී ගියේය. බිය වූ විට මිනිසුන්ට මූත්‍රා පිටවන ආසා තිබුන ද එය සියැසින් දුටුවේ සන්ඩේ ටයිම්ස් කාර්යාලයේදී ය. මිග් ගනුදෙනුව පිලිබඳව කිසිවෙකු ඉන් මතු අකුරක් නොලියන බව ඔහු දිවුරා ප්‍රකාශ කළේය. මීට පෙර රවිරාජ්ට ද මෙවැනි අනතුරු ඇඟවීමක් කළ බවත් එයට පි‍ටු පෑ ඔහුට අත්වූ ඉරණම සිහිපත් කළ ලියුම්කරු ටයිම්ස් කාර්යාලයෙන් පිටවී ගියේය.

පැය කිහිපයක් ගතවෙත්ම මෙම සිද්ධිය හේතුවෙන් කොළඹ තානාපති කාර්යාල සසල වූයේය. ඒ සමගම මාධ්‍ය දඩයම පිලිබඳ බරපතල චෝදනා රජය වෙත එල්ල වූයේය. හීන්සීරුවේ ලංකාදිප කර්තෘ සිරි රණසිංහට බටර් සංග්‍රහයක් දුන් මහින්ද සිද්ධියට අදාල සී.සී.ටී.වී දර්ශන මකා දැමුවේය. මරණ තර්ජනයේ පරීක්ෂණ කටයුතු එතැනින් අවසන් විය. මෙම සිද්ධියෙන් පසු මිග් හොරකම පිලිබඳව අකුරක් සන්ඩේ ටයිම්ස් හෝ ලංකාදීප පුවත්පත් වල පල නොවිනි. නමුත් අතාස් නැවතූ තැන සිට ලසන්ත ලිවීම ආරම්භ කෙළේය.

-හිටපු බුද්ධි අංශ නිලධාරී කීර්ති රත්නායක විසිනි-
-----------------------------------
උපුටා ගැනීම -lankaenews

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.