Header Ads

මේක බෞද්ධ රටක්‌ .ඉඩි අමීන්ලා, හිට්‌ලර්ලා මේ රටට අවශ්‍ය නැහැ- පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂ්හාක්‌ රහුමාන්

පාර්ලිමේන්තුවේ වැඩිපුර ඉන්නේ ජම්පර් ඇන්දවිය යුතු අයයි

 ජම්පර් ඇන්දවිය යුතු මන්ත්‍රීවරුන් වැඩි පිරිසක්‌ වත්මන් පාර්ලිමේන්තුවේ සිටින බව ජනමාධ්‍ය සහ මුදල් අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත්‍රී සහ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂ්හාක්‌ රහුමාන් මහතා පැවසීය.

 අනුරාධපුරයේ දී පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය. 

 මෙහිදී වැඩිදුරටත් අදහස්‌ පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂ්හාක්‌ රහුමාන් මහතා මෙසේද පැවසීය.

 ඉඩි අමීන්ලා, හිට්‌ලර්ලා වැනි නායකයන් ගෙන ගිය ඒකාධිපති පාලනයක්‌ මේ රටට අවශ්‍ය නෑ. ලංකාවේ නායකයෝ පත්වෙන්නේ මහජන ඡන්දයකින්. ඒකාධිපති පාලනයක්‌, මිලිටරි පාලනයක්‌ ලංකාවට ආවොත් කවදාවත් මේ රටට අනාගතයක්‌ නෑ. එවැනි පාලනයකින් තියෙන දේවලුත් නැතිවෙලා යනවා. මේ ලංකාවට හිට්‌ලර් අවශ්‍ය නෑ. හිට්‌ලර් කියන්නේ මිනීමරුවෙක්‌. ඒ වගේ අය මේ ලංකාව පාලනයට කිසිසේත් ඕන නෑ. මේක බෞද්ධ රටක්‌. මේ රට පාලනය කිරීමට සුදුසුම නායකයා බෞද්ධ නායකයෙක්‌ විය යුතුයි. මේ බෞද්ධ රට නියම බෞද්ධ නායකයකුට පාලනය කරන්න දුන්නොත් පමණයි අපිට අනාගතයක්‌ තියෙන්නේ.

 මේ වන විට පාතාලය හිස ඔසවා තිබෙනවා. කොහොම මේ දේවල් ඇති වෙනවාද කියලා හිතාගන්න බැරිවෙලා තියෙනවා. සංවිධානාත්මක අපරාධ රැල්ල කඩිනමින් මර්දනය කිරීමට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා විසින් විශේෂ කණ්‌ඩායමක්‌ පත් කිරීමට තීන්දුවක්‌ ගෙන තිබෙනවා. ඉදිරියේ දී පාතාලය නැත්තටම නැති කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. පාතාලය හිස එසෙව්වොත් රටේ තියෙන ආර්ථික ප්‍රශ්නවලට වඩා මහා විශාල ප්‍රශ්න ඇති වෙනවා. ඒ තුළින් රට නැත්තටම නැතිවෙලා යනවා.

  උපුටා ගැනීම  -divaina.com

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.