Header Ads

රථ වාහන අනතුරු අවම කිරීමට මුන්දලම පොලිසිය යෙදු අපූරු උපක්‍රමය

අධික වේගයෙන් රිය පැදවීමත්, මාර්ග විනයක් නොමැති වීමත් ප්‍රධාන හේතු කොටගෙන සිදු වෙන්නා වු රථ වාහන අනතුරු මේ වන විට සමාජයේ අතිශය සුලභ වී තිබෙනවා .

මේ සඳහා  රථවාහන අනතුරු අවම කිරීමට මුන්දලම පොලීසිය අපූරූ පියවරක් ගෙන තිබෙනවා. 

එනම් එම පොලිස් කොට්ඨාසයට අයත් මාර්ගයන්හි පොලිස් නිළධාරීන්ගේ රුවට සමාන ආකෘති සවි කිරීමයි. 

පුත්තලම කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ජේ.ඒ. චන්ද්‍රසේනගේ සංකල්පයකට අනුව පසුගිය දා පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ කීරියන්කල්ලිය සිට කරිකට්ටිය දක්වා මාර්ගයේ මෙලෙසින් පොලිස් නිලධාරින්ගේ පිළිරූ සකස් කර මාර්ගයේ තැනින් තැන සවිකර තිබුනා.

එම අවස්ථාවේ වීඩියෝ සහ ඡායාරූප පහතින්,

(under the courtesy of nethgossip.lk news web)






No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.