Header Ads

පකිස්තානදී 128 දෙනෙකුට මරු කැදවූ බෝම්බය අපේ වැඩක් - IS ත්‍රස්ත සංවිධානය භාර ගනී


පුද්ගලයින් 128 දෙනෙකුට මරු කැඳවමින් පකිස්ථානයේ දේශපාලන රැළියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම IS ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබේ.

මාස්ටන් නගරයේ පැවති රැළියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ප්‍රාදේශීය අපේක්ෂකයෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇතැයි පකිස්ථාන පොලීසිය සඳහන් කළේය.

මීට පෙර ද පකිස්ථානයේ බන්නු නගරයේ පැවති දේශපාලන රැළියකට ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

විදෙස් වාර්තාවන්හී දැක්වෙන්නේ මෙය 2014 වසරෙන් පසු පකිස්ථානයට එල්ල වූ දරුණුතම ප්‍රහාරය වන බව ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.