Header Ads

ඉන්දුනීසියාව- එක් මිනිස් ජීවිතයක පලිය ගන්න කිඹුලන් 300 ක් මරා දමයි -Photos

ඉන්දුනීසියාවේ පැපුවාහි පිහිටි රක්ෂිත භුමියකට ඇතුළු වු ගම්වැසියෙකු කිඹුල් ප්‍රහාරයකින් මියයාමට නිසා උරණ වූ ගම්වැසියන් පිරිසක් රක්ෂිත භූමියේ සිටි කිඹුලන් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් මරාදමා දැමු සාහසික ක්‍රියාවක් පිළිබඳව විදෙස් මාධය අනාවරණය කරනවා.

තමන්ට ප්‍රහාරය වැළක්වීමට නොහැකිවූ බව පොලිසිය සහ බලධාරීන් පවසන අතර දැන් බොහෝ දෙනෙක් චෝදනාවට ලක්වී සිටිති.

ඉන්දුනීසියාවේ ආරක්ෂිත සත්ත්වයෙක් ලෙස නම්කර ඇති කිඹුලා මැරීම අපරාධයක්වන අතර, එරට නීතියට අනුව එසේ කළ පුද්ගලයෙකු දඩයකට හෝ සිරගත කිරීමකට යටත්කළ හැකිය.

රක්ෂිතයේ අභිජනන කළාපයේ ආහාරය සඳහා අමුද්‍රව්‍ය රැස්කරමින් සිටියදී ගැමියා කිඹුලාගේ ප්‍රහාරයට ලක්වී ඇත.

"වැඩ කරන කෙනෙක්ට කවුරු හරි උදව් ඉල්ලා කෑ ගසන හඬ ඇසී තිබුණා. අපි ක්ෂණිකව ඒ දෙසට ගියා. එවිට කිඹුලෙක් පුද්ගලයාට පහරදෙනු දුටුවා" ඉන්දුනීසියාවේ ස්වභාවික සම්පත් සංරක්ෂණ ආයතනයේ, බටහිර පැපුවාහි ප්‍රධානියා පැවසීය.

ප්‍රකෝපවූ ගැමියෝ සෙනසුරාදා (14) පැවති අවමංගල්‍යයෙන් පසුව තියුණු ආයුධ ඇතිව රක්ෂිතයට ඇතුළුවූහ.

නිලධාරීන් උපුටා දක්වන ඉන්දුනීසියානු මාධ්‍ය, කලහකාරී පිරිස මුලින් කිඹුල් ගොවිපලේ කාර්යාලයට පහර දුන් බවත් පසුව රක්ෂිතයේ සිටි සියලුම කිඹුලන් (292 ක්) ඝාතනය කළ බවත් වාර්තා කරයි.

මෙම ගොවිපොළ සංරක්ෂණ අරමුණු ඇතිව පවත්වාගෙන යන ලද කිඹුලන් බෝකිරීමේ බලපත්‍ර සහිත මධ්‍යස්ථානයකි.



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.