Header Ads

ඉන්ධන මිල අඩු කරන්න ජනපති නියෝග කරලා නැහැ

මුදල් අමාත්‍යාංශය ඉහළ දැමු ඉන්ධන මිල ගණන් පහත දමන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම්දුන් බව පවසමින් විවිධ මාධ්‍ය පල කර ඇති වාර්ථා අසත්‍ය බව ජනාධිපති මාද්‍ය අංශය අවධාරණය කරයි.

ඉන්ධන මිල වැඩිකරන බවට ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඊයේ රාත්‍රි නිවේදනය කිරිමෙන් පසු ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වැඩිකළා. 

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් අද සිට රුපියල් 146කට අලෙවි කරන බවයි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පැවසුවේ. කෙසේවෙතත් ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් මිල වැඩිකරන බව ප්‍රකාශ කළේ රුපියල් 145ක් දක්වායි.

දැනට පවතින මිල සුත්‍රයට අනුව මාසයකට දෙවරක් ඉන්ධන මිල සංශෝදනය වන අතර ලබන සැත්තැම්බර් 5 වන දින යළි ඉන්ධන් මිල සශෝදනය සිදු කෙරේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.