Header Ads

මිනිසුන් මරා එම මස් වලින් සබන් සහ කේක් නිපද වූ මිනීමරු ගැහැනිය ...

මේ කතාව ලෝක මිනිස් ඉතිහාසයේ කැලලක් වූ තවත් අදුරු සිදුවීමක් ගැනයි..එනම් මිනී මස් යොදාගෙන සබන් සහ කේක් නිපද වූ මිනීමරු ගැහැනියක් ගැනයි..

ලියනාඩෝ චින්චෝල් නම් මෙම ඉතාලියානු කාන්තාව උපත ලැබුවේ 1894 වර්ෂයේදීය,ඇය මිය යන විට වයස අවුරුදු 76 කි.ඇයගේ ළමා කාලය කෙතරම් කටුකදැයි කිවහොත් ඇය මිනීමරු කාන්තාවකු වීම ගැන පුදුමයක් නොවනු ඇත.

නපුරු ගති ගුණ වලින් හෙබි ඇයගේ මව කුඩා කල ඇයට බොහෝවිට දෝෂාරෝපණය කලේ "උබ යක්ශයාගේ සාපයට ලක් වුන එකියක් " කියායි.

මේ අඩන්තේට්ටම් දරාගැනීමට නොහැකිම තැන ඇය දෙවරක්ම සියදිවි නසා ගැනීමට පෙලඹුනා.වැඩිවියට පත් වූ ඇයට ඇයගේ ජීවන සහකරුවා ලෙස කාර්‍යාල ලිපිකරුවකු හමුවුනා, 

නමුත් ඔහුට ඇයගේ මව කිසිසේත් කැමති වූයේ නෑ.නමුත් ඔහු හා විවාහ වූ ඇය දරුවන් 17 දෙනෙකු බිහි කලාය.

ඉන් දරුවන් 13 දෙනෙකුම වයස අවුරුදු 10 ට පෙරම අවාසනාවන්ත ලෙස විටින් විට මරණයට පත් වන්නට පටන් ගත්තා. ජීවත් වන්න්නට වාසනාව ලැබුනේ දරුවන් හතර දෙනෙකුට පමණයි..

දරුවන් 13 දෙනෙකුම මියගිය බැවින් ඇය ඉතිරි දරුවන් ඉතා ආදරයෙන් හදාවඩා ගන්නට උනා.නමුත් දරුවන් නිසාවෙන්ම ඇයගේ සිහිය විකල් තත්වයකට පත් වූ අතර ඇය නිතර දිවි ගෙව්වේ ඉතා කෝපයෙනි..

ඇයගේ ජීවිතයේ කරදර ඉන් නතර නොවූ අතර වයස 33 දී වංචා ක්‍රියාවකට ඇයට සිර දඩුවම් විදීමට සිදුවූවා..එමෙන්ම දරුණු භූමිකම්පාවකින් ඇයගේ මුලු නිවසම විනාශ වී ගියා..

විදින්නට සිදුවූ මෙවන් කම්කටොලු නිසා කුඩා කලදී මව තමා ඇමතූ ආකාරය සත්‍යක්දෝ යන්න ඇයට සිතෙන්නට ඇත..එම නිසාම අහිගුණ්ඨිකය කාන්තාවක් ලගට ගොස් තම අනාගතය ගැන යමක් දැන ගන්නට ඇයට අවශ්‍ය විය.

එහිදී ඇයට පවසා තිබුනේ ඔබේ දකුණු අතේ සිරගෙයද වම් අතෙහි අපරාධ සහ උම්මත්තක භාවයද සලකුණු වී ඇති බවයි..

සිත ඇතුලතින් මේ සියලු පීඩා විදදරා සිටියත් පිටතින් කිසිදු වෙනසක් ඇයගෙන් දිස්වූයේ නැත.අසල්වැසියන් ඇයට ප්‍රියකල අතර ඇය දරුවන්ටද ආදරණීය මවක් විය.නමුත් සියල්ල පසුපස ඉතා භයානක දෙයක් සැගව තිබිණ.

සිතන්න දරුවන් සිටිනා මවක් වන ඔබේ මිතුරියක් ඔබට කෑමකට ආරාධනා කලා කියා ? ඔබ ඇය කල ඇරයුම පිලිගෙන ඈ පිලිගන්වන කේක් රසවිදිනවා. නමුත් ඔබ දන්නවාද ඔබ රස වින්දේ මිනිස් මසින් සෑදූ tea කේක් බව ?

1939-1940 අතර කාලයයේදී ලියනාඩෝ චින්චෝලිට වයස අවුරුදු 42 හෝ 43 වන්නට ඇත.ඇය එම කාලය තුල කාන්තාවන් තිදෙනකු ඝාතණය කර තිබිණ ඇය එම ඝාතණයන් සිදුකලේ ඇය දරුණු මිනීමරු ස්ත්‍රියක් වීම නිසාම නොවේ. 

ඇය සිතුවේ ඇය යක්ෂයාගේ සාපයට ලක්ව ඇති බැවින් ජීවත්ව සිටින තම දරුවන් බේරා ගැනීමට මිනිස් බිලි පූජාවන් සිදුකල යුතු බවයි.ඇය වැඩිපුරම ආදරය කලේ ඉතාලි හමුදාවට සම්බන්ධ වී සිටි ඇයගේ පුත් ඩිසේපිටයි.

ඇය විසින් සත්‍ය වශයෙන්ම සිදුකර තිබුනේ ඇයගේ නිවසට පමිණි කාන්තාවන්ට වසදී මරණයට පත් කිරීමයි. ඉන් පසුව ඇය පොරවක් ආධාරයෙන් එම මල සිරිරු කැබලි කර කෝස්ටික් සෝඩා තුලට දමා තැම්බීමට කටයුතු කර තිබුණි. 

ඇය විසින් ඝාතණය කල කාන්තා මළ සිරුරු සහ මුලින්ම අතුරුදන් වූයේ නැත.ඇය ඇයගේ දිනපොතේ සදහන් කර තිබූ පරිදි අවසනයේ කලු තලපයක් ඉතුරු වී තිබෙනවා ..

ඔබ දන්නවා ඇති සාමන්‍ය සබන් තුල සත්ව මේදය් අන්තර්ගතව තිබෙන බව ..ඉතින් මෙම මිනිස් මේදය සබන් බවට ප්ත් කරන්නට හැකි බවට ඇයටද අදහසක් පහල වී ඇති අතර ඇය එය දින පොතේ විස්තර කර තිබී ඇත්තේ මෙලෙසයි

 " මැරී සිටින ඇයගේ සම සුදු පාට මේදයෙන් සමන්විතයි මම එය දිය කරගෙන ඊට සුවද විලවුන් බෝතලයක්ම එකතු කලා.ඉන්පසුව එය වැඩිදුරටත් තම්බා ගත් විට සුවද සබන් නිර්මාණය කාරන්නට හැකි වුනා , මම ඒ සබන් අසල්වැසියන්ට සහ දන්නා හැමෝටම තෑගි ලෙස බෙදාදුන්නා "

ඇය ඊට අමතරව ඝාතනය කරනු ලැබූ කාන්තාවන්ගේ ශරීරයේ මාංශ වලින් කේක් නිර්මාණය කරන්නට විය.ඒවා අසල්වැසියන්ට පිරිනැමූ අතර ඈගේ දරුවන් හටද අනුභව කරන්නට ලබා දෙන්නට විය.

ඇය එය සිදුකල ආකාරයද දිනපොතේ විස්තර කර තිබෙනවා." බේසමකට එකතු කරගත් මළසිරුරු වල තිබූ ලේ කැටි ගැසෙනකල් බලා සිටින්නට මට සිදු උනා.අනතුරුව ඒවා කුඩුකර පිටි සීනි චොකලට් කිරි සහ බිත්තර එක් කර කේක් නිර්මාණය කලා "

ඇය සිදුකලේ මිනී මරමින් සබන් සහ කේක් සෑදීම පමණක්ම නොවේ.ඇය ඝාතනය කල අයගේ මුදල් සහ වටිනා බොහෝ දෑ සොරා ගන්නටදපෙලබ සිට ඇත. තවද පිටරටවල් වල ගුරු රැකියාවල් පවා;ලබා දෙන බවද පවසමින් ඇය බොහෝ කාන්තාවන්ගෙන් මුදල් වංචා කර තිබෙන බව පසු කාලීනව හෙලිවන්නට විය.

අවසානයේ එම කාන්තාවන් හටද සිදු වුනේ සබන් කෑල්ලක් හෝ කේක් ගෙඩියක් වන්නටයි.නමුත් ඇයගේ මෙම ක්‍රියා පිලිබදව පොලීසිය ඇස ගසා සිට ඇත.

පොලීසිය විටෙක ඇයට චෝදනා කලද ඇය එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.ඉන්පසුව පොලීසිය ඇයගේ ආදරණීයම පුත්‍රයා වන ඩිසේපිට චෝදනා කරන්නට විය.

එය දරාගත නොහැකි තැන ඇය තමන් සිදුකල සියලු අපරාධ හෙලිකරන්නට විය.අයගේ පාපොච්චාරණයෙන්ප පසුව ඇය වසර තිහක් බරපතල වැඩ සහිතව සිර දඩුවම් විදි අතර වසර තුනක් පිස්සන් කොටුවක ගත කිරීමටද සිදුවී තිබින.

අවසානයේ 76 වියේදී ඇය රක්තාඝාතයෙන් මරණයට පත් වී ඇත. ඔබ කවදාක හෝ ඉතාලියට සංචාරය කරනවා නම් රෝම නගරයේ අපරාධ විද්‍යා කෞතුකාගාරයට ගොස් ඇය භාවිතා කල පොරව වල් සහ කාන්තාවන්ගේ මස් තම්බා සබන් කිරීමට යොදාගත් කල්දේරම දැකගන්නට පිලිවන..

අන්තර්ජාලයෙනි



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.