Header Ads

බිල් ගේට්ස් අරමුදලේ සහයෙන් බිහිවන වතුර අනවශ්‍ය වැසිලිකිය.


ජල ප්‍රශ්නයට උග්‍ර ලෙස මුහුන දී ඇති සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු භාවිතය සඳහා ජලය නොමැතිව භාවිතා කල හැකි වැසිකිලියක් නිර්මාණය කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතියට සහය දක්වන්නේ ලොව අංක එකේ ධනවතා වන මයික්‍රෝසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් හා ඔහුගේ බිරිඳ මෙලින්ඩා ගේට්ස් නමින් පිහිටුවා තිබෙන ගේට්ස් අරමුදල මඟිනි.

ජලය රහිත නැනෝ පටල වැසිකිළිය ලෙස හදුන්වන මෙය ක්‍රැන්ෆීල්ඩ් විශ්වවිද්යාලයේ පරේෂකයන්ගේ සොයා ගැනීමකි.




මෙම වැසිකිලියට ජලය කිසිසේත්ම භාවිතා නොකරන අතර යමෙකු වැසිකිළි ගිය පසුව එහි වැසුම ස්ව්යක්‍රීයව වැසේ.

ඉන්පසුව මළ අපද්‍රව්‍ය එහි පතුළෙහි කුටියකට වැටී අළු බවට පත් වෙයි.
සතියකට වරක් එම අළු කුටිරය හිස් කිරීමට භාවිතා කරන්නන්ට සිදු වනවා.

මෙම වැසිකිලිය භාවිතයේදි මුත්‍රාවලට සිදු වන්නේ වෙනත් දෙයක්.
එනම් මුත්‍රා වෙනම වෙන් කරගෙන එය පිරිසිදු කිරීමට ලක් කර එය ජලය ලෙස ප්‍රතිචක්‍රීකරනය කරනවා.

නමුත් එය පානය කිරීමට නුසුදුසු උනත් නිවසේ වෙනත් සේදුම් කටයුතු සඳහා භාවිතා කල හැක. 

මෙම ජලය සහිත නැනෝ වැසිකිලිය අනාගතයේ සංවර්ධනය වෙමින් පවතින රටවල භාවිතා කෙරෙණු ඇති බවයි පරේක්ෂකයන්ගේ අදහ්ස.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.