Header Ads

මුස්ලිම් කාන්තාවන් රටේ පොදු නීතිය ඉල්ලයි

මුස්ලිම් විවාහ හා දික්කසාදවීමේ නීතිය මුස්ලිම් කාන්තාවන්ට විශේෂිත වූ නීතියක් ලෙස ක්‍රියාත්මක වන අතර වන අතර ඔවුන්ට ද රටේ පවත්නා සාමාන්‍ය නීතිය යටතේ  ක්‍රියාකරන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක් පසුගියදා(24) පාර්ලිමේන්තුව ඉදිරිපිටදී පැවැත්විණි.

වසර හැටඅටක් පැරණි මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය මගින් කාන්තාවන් අසාධාරණ බවත්  රටේ පොදු නීතියේ විවාහ වීමේ අවම වයස අවරුදු 18 කියල දැක්වුවාට මුස්ලිම් නීතිය තුල වැඩිවියට පැමිණි දැරිවියකට තමන්ගේ අකමැත්තෙන් උවද විවාහ වීමට සිදු වන බවද ඔවුන් පෙන්වා දෙයි. 

මුස්ලිම් කාන්තාවක දික්කසාද වීමේදී  ඔවුන්ටම විශේෂිත වූ උසාවියක නඩු අසන අතර නඩු විභාගය කරන්නේද පිරිමි අයවලුවන් වන අතර     නඩත්තු ගෙවීම් වැනි කාරණා වලදී කාන්තාවන්ට ගැටළු රාශිකට මුහුණ පෑමට සිදුවේ.  

විශේෂයෙන්ම මුස්ලිම් කාන්තාවක මෙහිදි දැඩි වශයෙන් පීඩාවට පත්වන අතර පිරිමියා විසින් ඇය ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත් වන්දියකට පවා යටත් නොවී දික්කසාද වීමට සිදුවීම ඉතාමත් ආසාධාරණ බව ඔවුන් පවසයි. 

දෙදහස් නවය වසරේ මෙම නීතිය සංශෝධනය සදහා පත් කෙරුණු විනිසුරු සලිම් මරුසුඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව මේ වන විට එළිදක්වා තිබේ. 
එහෙත් මේ වාර්තාව සදහා කමිටුවේ සියලු දෙනාගේ එකඟතාවය පළවී නොමැත.

මේ පිළිබද පසුගිය 24 වනදා පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් පවත්වා ඇති අතර මෙම සාකච්ඡාවට මුස්ලිම් මන්ත්‍රීවරුන් මෙන්ම ජමතුල්ලා සංවිධානයේ නියෝජිතයන් එක්ව සිටියත් මේ සදහා කිසිදු කාන්තාවකට ආරාධනා කර නොතිබිණි.

මූලාශ්‍රය her.lk

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.