Header Ads

තමන්ටම කියලා වාහනයක් තියෙනවනම් නිවාඩුවට විදේශගත වෙනවනම්,,, බදුම තමා

ආදායම් බදු ප්‍රතිපත්තිය පුලුල් කිරීමේ කටයුතු පසුගිය දිනවල රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක වූවා.

ඊයේ (05) පැවති උත්සවයක් අවසානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක කියා සිටියේ මෙම ක්‍රියා පිලිවෙත ඉදිරියට ගෙන යමින් වාහනයක් නඩත්තු කරන සෑම කෙනෙකුම බදු ගෙවිය යුතු ආදායමක් තිබිය යුතු පුද්ගලයෙකු ලෙසින් සැලකිය හැකි බවයි. 

මේ අතර දේශීය ආදායම් කොමසාරිස්වරයා ආදායම් බදු අය කර ගත යුතු තවත් පිරිසක් පිළිබදව අදහස් දක්වා සිටියා. එහිදි කොමසාරිස්වරයා ප්‍රකාශ කලේ ලංකාවේ බොහෝ පිරිසක් නිවාඩු සඳහා විදේශ ගත වන බවත්, ඔවුන් ද බදු ගෙවිය යුතු ආදායමක් තිබෙන පුද්ගලයින් ලෙසින් සලකන බවත්ය.

දේශීය ආදායම් කොමසාරිස්වරයා මෙහිදී අවධාරණය කර සිටියේ ඔවුන් සියලු දෙනා වහාම පැමිණ බදු ලිපිගොනුවක් විවෘත කළ යුතු බවයි.

" වාහනයක් නඩත්තු කරන හැම කෙනෙක්ම සාමාන්‍යයෙන් බදු ගෙවිය යුතු ආදායමක් ඇති කෙනෙක්, ඒ වගේම ලංකාවේ හැම කෙනෙක්ම හැම නිවාඩුවකම විදෙස් ගත වෙනවා. 

අපි දකිනවා ඒ අය බදු ගෙවිය යුතු ආදායමක් ඇති පිරිසක් කියලා. ඒ සියලු දෙනාටම ආරාධනා කරනවා ඔබ මෙතෙක් තමන්ගේ යුතුකම ඉටු කරලා නැත්නම් වහාම ඇවිත් බදු ගොනුවක් විවෘත කරලා ගෙවන්න, එහෙම නැත්නම් ආදායම් බදු දෙපාර්තමේන්තුව දැන් ආයතන 32ක් එක්ක සම්බන්ධයි, ඒ ආයතන වලින් ලබා ගන්න තොරතුරු වලින් අපි බදු ගොනුවක් විවෘත කළොත් අපිට සිද්ධ වෙනවා ඒ වත්කම් හොයපු ආකාරයත් හොයන්න, ඔබ ලගට ආදායම් දෙපාර්තමේන්තුව ඇවිත් බදු ගොනුවක් විවෘත කරන්න කලින් නියමිත ආදායම පෙන්නලා නියමිත බද්ද ගෙවන්න" යනුවෙන් කොමසාරිස්වරයා අදහස් දක්වා සිටියා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.