Header Ads

ශිරන්ති ජනාධිපතිවරණයට කැන්දන බල අරගලයේ ඇතුලාන්තය

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණ යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ගෙන ආ යුතු බවට්  බලපෑමක් මහින්ද රාජපක්‍ෂගෙ පුතුන් තිදෙනාගෙන් එල්ලවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී. 

ඒ සඳහා හේතුවී ඇත්තේ එම පවුලෙන් පිටට රාජ්‍ය බලය ගියහොත් තමන්ගේ දේශපාලන අනාගතයට එය තර්ජනයක් වියහැකි බව රාජපක්‍ෂ පුතුන් සිතීම නිසා බවත් සඳහන් වේ.

එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණයකදී ජනතාව ඡන්දය දෙනු ලබන්නේ මහින්ද රාජපක්‍ෂ නම් කරනු ලබන පුද්ගලයෙකුට බැවින්ද, ඔහුගේම බිරිඳ ඒ සඳහා නම් කරන්නේ නම් ජනතාව එය ප්‍රතික්ෂේප නොකරන බවද එම බලපෑම්වලදී රාජපක්ෂ පුතුන් පෙන්වා දී ඇතැයිද වැඩිදුරටත් සඳහන් වේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.