Header Ads

ප්‍රභාකරන් හිටියානම් ආණ්ඩුව දෙමළ ජනතාවට මීට වඩා සළකනවා

එල්ටීටීඊය ක්‍රියාත්මක වූ කාලයේ මෙරට නායකයන් දෙමළ ජනතාවට ලබාදීමට පොරොන්දු වූ විසඳුම් ලබාදීම මේ වනවිට ප්‍රතික්ෂේප කොට ඇති බවත් විජයකලා මහත්මිය පසුගියදා කළ කතාවෙන් ඇය අදහස් කළේත් එවැන්නක් බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පැවැසීය.

මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ දෙහිඕවිට ප්‍රදේශයේ පැවැති සම්මන්ත්‍රණයක් අමතමිනි.

දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට පසුගිය ආණ්ඩු පැවැති සමයේ මංගල මුණසිංහ වාර්තාව, හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ යෝජනා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කාලයේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව, වැනි යෝජනා ඉදිරිපත් වුණා. 

අපි ලෑස්තියි මෙම යෝජනා සමඟ දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුමක් ලබාගන්න. නමුත් ඒ නායකයෝ එදා ඔවුන් ඉදිරිපත් කරපු මේ යෝජනා අද පිළිගන්න සූදානම් නැහැ.

ඔවුන් පවසන්නේ එදා යුද්ධයක් තිබුණා. එදා වැඩියෙන් ඉල්ලීම් ලබාදීමට හැකියාවක් තිබුණත් අද එවැනි හැකියාවක් නැහැ කියලයි. ඉතින් එයින් පැහැදිලි වන්නේ එදා ප්‍රභාකරන් හිටපු නිසා දෙමළ ජනතාවට වැඩියෙන් යමක් ලබාදීමට හැකියාව තිබුණු බව නොවේද?

එල්ටීටීඊ සංවිධානය තිබුණු කාලයේ මෙරට දේශපාලනඥයන් විවිධ කතා කීවා. එහෙත් අද එල්ටීටීඊය නොමැති නිසා එවැනි කතාබහ ඔවුන්ට අවශ්‍ය වී නැහැ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කටයුතු විධිමත් කළ යුතුයි. එසේ කළහොත් පමණයි අපිට ඉදිරියට ගමන් කිරීමේ හැකියාවක් ඇත්තේ. එමෙන්ම රට ඉදිරියට ගමන් කරන්න අවශ්‍ය නම් ජාතික ගැටලුවලට විසඳුමක් අවශ්‍යයි.

හිටපු අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියත්, ඇගේ කතාවේදී අදහස් කළේ එයයි. ඒත් ඇයගේ කතාව හරි කියන්න බැහැ. ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ වී තිබෙනවා.

mawbima.lk
ලක්ෂ්මී ජයකොඩි 

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.